
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේදී ඉන්දීය නායකත්වය රෝහිත් ෂර්මාටම හිමිවී තිබේ. ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව විස්සයි-20 අන්තර්ජාතික තරග වලින් රෝහිත් ෂර්මා සමුගත් බැවින් විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට සූර්යකුමාර් යාදව් පත්කර තිබේ.
විස්සයි-20 මෙන්ම එක්දින කණ්ඩායම් දෙකේම උප නායකයා වශයෙන් ෂුබ්මන් ගිල් නම්කර ඇත. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනකු වන රුතුරාජ් ගයික්වාඞ් සහ යුෂ්වෙන්ද්‍ර චාහල් දෙදෙනාම කණ්ඩායම් දෙකින් එකකටවත් ඇතුළත්ව නැත.
විස්සයි-20 තරග වලින් සමුගත් රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි දෙදෙනාම එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. එහෙත් රවීන්ද්‍ර ජදේජා එක්දින කණ්ඩායමට හෝ ඇතුළත්ව නැත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි-20 තරගාවලිය මේ මස 27 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. විස්සයි-20 තරග 3 කට පසුව පැවැත්වෙන එක්දින තරගාවලිය අගෝස්තු 02 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය විස්සයි-20 කණ්ඩායම
සූර්යකුමාර් යාදව් (නායක), ෂුබ්මන් ගිල් (උපනායක), යයස්යී ජයිස්වාල්, රින්කු සිං, රියාන් පරාග්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), සංජු සැම්සන් (කඩුලු රකින්නා), හාර්දික් පාණ්ඩ්‍යා, ෂිවම් ඩුබේ, අක්සර් පතෙල්, වොෂිංටන් සුන්දර්, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං, කලීල් අහමඞ් සහ මොහොමඞ් සිරාජ්
ඉන්දීය එක්දින කණ්ඩායම
රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මන් ගිල් (උප නායක), විරාට් කෝලි, ලෝකේෂ් රාහුල් (කඩුලු රකින්නා), රිෂාබ් පන්ට් (කඩුලු රකින්නා), ශ්‍රෙයාස් අයියර්, ෂිවම් ඩුබේ, කුල්දීප් යාදව්, මොහොමඞ් සිරාජ්, වොෂිංටන් සුන්දර්, අර්ශ්දීප් සිං, රියාන් පරාග්, අක්ෂර් පතෙල්, කලීල් අහමඞ් සහ හර්ෂිත් රානා
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.