
(දමින්ද විජේසූරිය)
අවසන් ඕවර දෙකෙදී රෝමන් පවෙල් කළ අනුකම්පා විරහිත ප්‍රහාරය හේතුවෙන් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක සීමාවෙන් එතෙර වූ කොදෙව්වෝ, හොබාර්ට්හිදී අද (19 වැනිදා) පැවැත්වෙන ‘බී’ කාණ්ඩයේ තරගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 7 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්හ. ඉනිමේ 14 වැනි ඕවරය නිමාවේදී ලකුණු 101 කට කොදෙව් කඩුලු 6 ක් වැටී තිබුණ නමුත්, රෝමන් පවෙල් සහ අකීල් හොසේන් එක්ව ලකුණු 150 සීමාවෙන් ඔබ්බට කොදෙව් පිල කැඳවාගෙන ගියහ.
16 වැනි ඕවරය නිමාවන විටත් කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 කට 113 ක් ලෙසිනි. එහෙත් අවසන් ඕවර තුනේදී ලකුණු 40 ක් උදුරාගත් පවෙල් සහ අකීල් හොසේන් තත්ත්වය තමන්ට වාසිදායක ආකාරයෙන් පෙරළාගත්හ.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේය. එහෙත් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරගත් පිට දඟ පන්දු යවන සිකන්දර් රාසා, කොදෙව් පිතිකරු ලයිස්තුවේ මුල් කොටස විනාශ කළේය.
මේ වන විටත් ස්කොට්ලන්තය හමුවේ පරාජය වී සිටින හෙයින් ප්‍රධාන තරගාවලියට ඇතුළත් වීමේ බලාපොරොත්තු රඳවාගැනීමට නම් කොදෙව් පිල අද තරගය ජයගත යුතුවම තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 153 යි
(කයිල් මේයර්ස් 13, ජොන්සන් චාල්ස් 45, එවින් ලුවිස් 15, රෝමන් පවෙල් 28, අකීල් හොසේන් නොදැවී 23, බ්ලෙසින් මුසෙරබානි 38/2, සිකන්දර් රාසා 19/3)




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.