Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රාහුල් - අගර්වාල් පංජාබ් පිලට ජය ගෙනෙති

රාහුල් - අගර්වාල් පංජාබ් පිලට ජය ගෙනෙති

editorial - 2021 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකේෂ් රාහුල් (67) සහ මයන්ක් අගර්වාල් (40) පිතිහරඹයන් හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඩුබායිහිදී අද (1 වැනිදා) පැවැති 45 වැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට පංජාබ් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය පංජාබ් කිංග්ස් පිල තවත් පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

නායක ලෝකේෂ් රාහුල් පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 67 ක් රැස්කළ අතර අනෙක් ආරම්භක පිතිකරුවා වූ මයන්ක් අගර්වාල් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 40 ක් රැස්කිරීමට සමත්වූහ.

ලෝකේෂ් රාහුල් සහ මයන්ක් අගර්වාල් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 70 ක් සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමීමට සමත්වූහ.

අවසන් මොහොත් වේගවත් පිතිහරඹයක නිරතවූ ශාරුක් ඛාන් පන්ද 9 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 22 ක් ලබාගනිමින් පන්ජාබ් කිංග්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

වරුන් චක්‍රවර්ති සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තද පරාජයෙන් වැලකීමට එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනූ පංජාබ් කිංග්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කට නයිට් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 165 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු වෙන්කටේෂ් අයියර් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 67 ක් රැස්කළේය. රාහුල් ත්‍රීපාටි පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් සහ නිතිෂ් රානා පන්දු 18 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 31 ක් ලබාගැනීමට සමත්වූහ.

අර්ෂ්දීප් සිං ලකුණු 32 කට කඩුලු 3 ක් සහ රවී බිෂ්නෝයි ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

කොල්කටා - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 165
(වෙන්කටේෂ් අයියර් 67, රාහුල් ත්‍රීපාටි 34, නිතිෂ් රානා 31, අර්ෂ්දීප් සිං 32/3, රවී බිෂ්නෝයි  22/2)

පංජාබ් - ඕවර 19.3 කදී කඩුලු 5 ක් දැවී 168
(ලෝකේෂ් රාහුල් 67, මයන්ක් අගර්වාල් 40, ශාරුක් ඛාන් නොදැවී 22, වරුන් චක්‍රවර්ති 24/2)

 

- 2079


අදහස් (0)

රාහුල් - අගර්වාල් පංජාබ් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.