Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රාජස්තානයට දැවැන්ත ජයක්
අයි.පී.එල් - 2023

රාජස්තානයට දැවැන්ත ජයක්

editorial - 2023 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබාගත් හෙයින් පහසුවෙන්ම ලකුණු 200 කඩයිම පැනගිය රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ අද (2-ඉරිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා ලකුණු 72 ක පහසු ජයක් අත්කර ගත්හ.

යයස්වී ජයිස්වාල් (54), ජොස් බට්ලර් (54) සහ සංජු සැම්සන් (55) තිදෙනාම අර්ධ ශතක ලබාගත් අතර 16 වැනි ඕවරය අවසන් වන විටත් රජස්තාන් ලකුණු සංඛ්‍යාව 170 සීමාවේ තිබිණ. එහෙත් හයිද්‍රාබාද් පන්දු යවන්නන්ගේ දැඩි උත්සාහය හේතුවෙන් අවසන් ඕවර 4 දී රාජස්තාන් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 33 කි.

හයිද්‍රාබාද් පිලේ ඉදිරිපෙළ පිතිහරඹය බෙහෙවින් දුර්වල මට්ටමක පැවැති අතර 10 වැනි ඕවරය නිමාවීමටත් පෙර ඔව්හු ලකුණු 48 කට කඩුලු 5 ක් අහිමි කරගෙන තිබිණ. එතැන් සිට සන්රයිසස් පිලට හිස් එසවීමට අවසර නොදුන් යුෂ්වේන්ද්‍ර චාහල් සිය ඕවර 4 දී ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගත්තේය.


රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 5 ට 203 යි
(යයස්වී ජයිස්වාල් 54, ජොස් බට්ලර් 54, සංජු සැම්සන් 55, ෂිම්රන් හෙට්මයරි නොදැවී 22, ෆෂල්ලා ෆාරුක් 23/2, ටී. නට්රාජන් 23/2)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20  කදී කඩුලු 8 ට 131 යි
(මයන්ක් අගර්වාල් 27, හැරී බෲක් 13, අබ්දුල් සමාඩ් නොදැවී 32, අදිල් රෂීඩ් 18, උම්රන් මලික් නොදැවී 19, ටේ‍රන්ට් බෝල්ට් 21/2, යුෂ්වේන්ද්‍ර චාහල් 17/4)

- 213


අදහස් (0)

රාජස්තානයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.