Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මෝගන්ට නරක දසාවක්

මෝගන්ට නරක දසාවක්

editorial - 2021 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලන තරගාවලිය අතපොවන මානයේ තිබියදී නායක ඔයින් මෝගන් ලකුණු අතර නොසිටීම එංගලන්ත කණ්ඩායමට බලවත් ප්‍රශ්නයක් වී තිබේ. මේ වන විට අයි.පී,එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටින එංගලන්ත නායකයා අයි.පී.එල්. තරගාවලියේ අවසන් ඉනිම 4 කදී ලබා ඇත්තේ ලකුණු 17 ක් පමණි.
 
කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායකයාද වන මෝගන් ඊයේ (01 වැනිදා) පන්ජාබ් කිංග්ස් පිලට එරෙහි තරගයේදීත් ලබාගත්තේ ලකුණු 2 ක් පමණි. එම තරගයේදී කොල්කටා පිල කඩුලු 5 කින් පරාජය විය.

“ඔහු කණ්ඩායමට හොඳින් නායකත්වය දෙනවා. ඒත් එයාගෙන් තව ලකුණු ටිකක් නම් කණ්ඩායමට ඕනෑමයි.

ඒකේ කිසිම සැකයක් නෑ” යයි කොල්කටා පිලේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් මහතා පැවසීය.  

මේ මස 23 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම මුහුණ දෙන්නේ විස්සයි-20 වත්මන් ලෝක ශූරයන් වන කොදෙව් පිලටය. තරගාවලියේ සමාරම්භක තරගය වන කොදෙව් පිල සහ එංගලන්තය අතර තරගය එදින පස්වරු 3.30 ට ආරම්භ වේ.

විස්සයි-20 අන්තර්ජාති ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම එහි පෙරමුණේ සිටින නමුත් කොදෙව් පිල පසුවන්නේ 9 වැනි ස්ථානයේය. වත්මන් ලෝක ශූරයන් වුවද කොදෙව් පිල විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේ 2016 දී එංගලන්ත කණ්ඩායම පරාජය කරමිනි.


- 213

 


අදහස් (0)

මෝගන්ට නරක දසාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.