Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝඩ්ස් ක්‍රීඩාංගණ ක්‍රීඩාගාරයේ දිගු ලී පුවරුවක සටහන් කර ඇති ගෞරවනීයයන්ගේ නාමාවලියට තමන්ගේ නමත් ඇතුළත් කරගැනීමේ ආශාවෙන් පසුවන ටොම් බ්ලන්ඩල් සහ ඩැරිල් මිචෙල් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 180 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම තරගය සම්පූර්ණයෙන්ම පාහේ සිය ග්‍රහණයට නතුකරගෙන සිටියේය.
මුල් ඉනිමේදීත් ලකුණු 132 කට දැවී යාම නිසා සංචාරකයෝ පළමු ඉනිමේදීත් ලකුණු 09 ක අවාසියකට මුහුණ දුන්හ. එවන් තත්ත්වයකදී නවසීලන්ත දෙවැනි ඉනිමේදී ලකුණු 56 ක් වන විට සිව්වැනි කඩුල්ලත් බිඳ වැටුණේය. එහෙත් එතැන් සිට එක්වූ බ්ලන්ඩල් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන්ට රිසි සේ තැළූහ. දිනය අවසානයේදී ආපසු ක්‍රීඩාගාරයට යන විට ඩැරිල් මිචෙල් (නොදැවී 97) සහ ටොම් බ්ලන්ඩල් (නොදැවී 90) දෙදෙනා එක්ව, ලකුණු 227 කින් නවසීලන්ත කණ්ඩායම ඉදරියට ගෙන ගොස් තිබිණ.
දෙදෙනා අතර මෙතෙක් පැවැති ලකුණු 180 ක සම්බන්ධතාව, එංගලන්තය මෙන්ම ඕස්ටේ්‍රලියාවද, සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාවන්ට වඩා විශාලය. නවසීලන්තය ලකුණු 132 කට දැවී ගිය අතර එංගලන්තය මුල් ඉනිමේදී කඩුලු 2 කට ලකුණු 92 ක් ලබා සිටි නමුත් පසුව ලකුණු 141 කට දැවී ගියේය.
ලෝඩ්ස් පිටියේදී ලබාගන්නා ශතකයක් යනු ක්‍රීඩකයකුගේ තරග දිවියේ සිහිනයකි. එහෙත් වඩාත්ම බරපතළ අභියෝගය වන්නේ මෙම ටෙස්ට් තරගයේ තවත් සම්පූර්ණ දින 3 ක් ඉතිරිව තිබීමයි. බ්ලන්ඩල් මෙන්ම ඩැරිල් මිචෙල්ද මෙම තත්ත්වය හොඳින්ම දනිති.
“ලෝඩ්ස් පිටියේදී ලකුණු 100 ක් කියන්නේ ලොකු දෙයක් තමයි. ඒත් අපට කණ්ඩායම වෙනුවෙන් කරන්න තව ගොඩක් දේ තියෙනවා. අපේ පෞද්ගලික දක්‍ෂතාවල කඩයිම් ඒවායින්ම පසුකර ගියාවේ” යයි ටොම් බ්ලන්ඩ්ල් පැවසීය.
තරගයේ දෙවැනි දිනය වන අද (03 වැනිදා) සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 56 කට බිඳ වැටිණ. එහෙත් එංගලන්ත වේග පන්දු බලඇණිය හමුවේ නවසීලන්ත පිතිහරඹයට මුක්කුවක් ගැසූ බ්ලන්ඩ්ල් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා, දිවා ආහාරයත්, තේ පානයත් අතර කඩුල්ලකට වඩා එංගලන්ත පන්දු යවන්නන්ට නොදීමට පරෙස්සම් වූහ.
වත්මන් ලෝක ශූරයෝ වුවද, දිවා ආහාරය වන විට නවසීලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට 38 ක් ලෙසිනි. එහෙත් මිචෙල් සහ බ්ලන්ඩල් දෙදෙනා එක්ව තේ පානය වන විට ලකුණු සංඛ්‍යාව 128 ක් දක්වා ඉහළ දැමූහ.
අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 17 කදි එංගලන්තය ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි. එංගලන්තයේ නව ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් නායකත්වය දරන පළමුවැනි තරගය මෙයයි. එලෙසින්ම එංගලන්තයේ නව පුහුණුකරුවා වන හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ පළමු තරගයද මෙයයි.
නවසීලන්තය - පළමු ඉනිම 132 යි
එංගලන්තය - පළමු ඉනිම 141 යි
(ඇලෙක්ස් ලීස් 25, සැක් ක්‍රෝලි 43, ජෝ රූට් 11, ටිම් සවුති 55/4, ටේරන්ට් බෝල්ට් 21/3, කයිල් ජැමීසන් 20/2)
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 4 ක් දැවී 236 යි
(ටොම් ලෙතම් 14, කේන් විලියම්සන් 15, ඩෙවොන් කොන්වේ 13, ඩැරිල් මිචෙල් නොදැවී 97, ටොම් බ්ලන්ඩ්ල් නොදැවී 90, මැතිව් පොට් 50/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.