Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මන්ධානාගේ මංගල ටෙස්ට් ශතකය

මන්ධානාගේ මංගල ටෙස්ට් ශතකය

editorial - 2021 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියේය. වර්ෂාව හේතුවෙන් අද තරගය ඕවර 57.4 කට සීමා විය.  

පළමු දිනය (30 වැනිදා) අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 132 ක් ලබා සිටි ඉන්දීය ක්‍රීඩිකාවෝ අද දිනයේදී කඩුලු 4 ක් දැවී සිය පළමු ඉනිමට තවත් ලකුණු 144 ක් එක්කළහ. ඊයේ තරගය නතර කරන විට ලකුණු 80 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි ස්ම්‍රිති මන්ධානා අද සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තාය.

ඉතාමත් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ මන්ධානා, පන්දු 216 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් හයේ පහරක් සහ හතරේ පහර 22 ක් සමග ශතකය සම්පූර්ණ කළාය. ශෆාලි වෙර්මා (31) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක්ද, පූනම් රාවුට් (30) සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක්ද එක්කරමින් මන්ධානා ඉන්දීය ඉනිම ගොඩනැගුවාය.

දිනයේ පළමු කඩුල්ල ලෙස අද මන්ධනා දැවී ගියේ ඈෂ්ලි ගාඞ්නර්ගේ පන්දුවක් හමුවේ ටාලියා මැග්‍රාත් අතට උඩ පන්දුවක් දෙමිනි. එතැන් පටන් ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 22 ක් එක්වන විට පූනම්ටද ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය. දැවී යන විට ඇය පන්දු 165 කට මුහුණදී සිටියාය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ නායිකා මිතාලි රාජ් (30) සහ යස්තිකා භාතියා (19) ඉන්දීය ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර භාතියා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. දුවද්දී දැවී යෑමකට හසුවූ මිතාලිගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.


ඉන්දීය කාන්තා පිල - කඩුලු 5 කට 276
(ස්ම්‍රිති මන්ධානා 127, ශෆාලි වෙර්මා 31, පූනම් රාවුට් 36, මිතාලි රාජ් 30, යස්තිකා භාතියා 19, සොෆී මොලිනෙක්ස් 28/2)

 

(ඡායාරූපය - ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය අනුග්‍රහයෙනි)


-036

 


අදහස් (0)

මන්ධානාගේ මංගල ටෙස්ට් ශතකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.