Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශය 3-0 කින් කොදෙව්වන් පරදවයි

බංග්ලාදේශය 3-0 කින් කොදෙව්වන් පරදවයි

editorial - 2022 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගයානාහිදී ඊයේ (16 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 48.3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නුරුල් හසන් පන්දු 38 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද, මෙහෙදි හසන් පන්දු 35 කදී නොදැවී ලකුණු 16 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

නායක ටමීම් ඉක්බාල් පන්දු 52 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද, ලිටන් දාස් පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 50 ක්ද රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. මහමදුල්ලා රියාද් පන්දු 61 කින් ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක නිකලස් පූරන් පන්දු 109 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය.
 
එහිදී සිය හොඳම එක්දින පන්දු යැවීම ප්‍රදර්ශනය කළ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම්, නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 10 ක් යවා ලකුණු 28 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය. කෙදෙව් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මුස්තෆිසුර් රහීම් සහ නසුම් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත්හ.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 178
(කීසි කාටි 33, නිකලස් පූරන් 73, රෝමන් පවෙල් 18, රොමාරියෝ ශෙපඩ් 19, තයිජුල් ඉස්ලාම් 28/5, මුස්තෆීසුර් රහමන් 24/2, නසුම් අහමඩ් 39/2)

බංග්ලාදේශය - ඕවර 48.3 කදී කඩුලු 6 ක් දැවී 179
(ටමීම් ඉක්බාල් 34, ලිටන් දාස් 50, මහමදුල්ලා රියාද් 21, මොසෙඩ්ඩෙක් හුසේන් 14, නුරුල් හසන් නොදැවී 32, මෙහෙදි හසන් නොදැවී 16)
 


-036

 


අදහස් (0)

බංග්ලාදේශය 3-0 කින් කොදෙව්වන් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.