Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දේශීය තරග සඳහා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු වැඩිකරන ලෙස ඉල්ලා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් පැවැත්වූ තරග වර්ජනයකට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩකයන්ගේ තරග ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟවී ඇත. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ බොහෝ ඉල්ලීම් වලට එකඟවීමත් සමගින් තරග වර්ජනය අවසන් කිරීමට ක්‍රීඩකයෝ පියවර ගත්හ.
ඒ අනුව ජාතික ක්‍රිකට් ලීගයේ ඉහළ පෙලේ ක්‍රීඩකයින්ට දින හතරක තරගයක් සඳහා කළින් ගෙවූ ටකා 35,000 වෙනුවට නව ගිවිසුමේ ප්‍රකාරව ටකා 60,000 ක් (ඇමෙරිකන් ඩොලර් 705) ගෙවනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ක්‍රීිඩකයින් විසින් පසුගිය සතියේ ආරම්භ කරන ලද තෙදින තරග වර්ජනය අවසන් කිරීමේදී ඇතිවූ එකඟතාවය අනුව අනෙකුත් සියලු වියදම්ද ඒ අනුව වැඩි කරන ලදී. දෙවන පෙළ ක්‍රිඩකයින්ගේ තරග ගාස්තු ටකා 50,000 දක්වා වැඩි කිරීමට පියවර ගැනිණ.
තරග වර්ජනය ආරම්භ කිරීමේදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ අවම වශයෙන් ටකා 100,000 ක් ඔවුන්ට තරග ගාස්තු ලෙස ලැබිය යුතු බවයි.
මෙම තරග වර්ජනය හේතුවෙන් නොවැම්බර් 3 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන තරගාවලියට බංග්ලාදේශ කණ්ඩායම සහභාගිවීම අවිනිශ්චිතව පැවැතියද මේ වනවිට ඔවුන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ක්‍රීඩකයන්ගේ වෘත්තීය සටන ජයගත් නමුත් එය අවසන් වූයේ සටනට නායකත්වය දුන් සකිබ් අල් හසන් වසර දෙකක තරග තහනමකට ලක්වීමෙනි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ පරීක්‍ෂණ වලට සහාය නොදැක්වීම හේතුවෙන් සකිබ් අල් හසන් වසර දෙකක (වසරක් අත්හිටුවන ලද) තහනමකට ලක්විය
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.