Last Update  :  2026-01-16 18:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ ක්‍රීඩකයෝ වර්ජනය අතහැර දමති

බංග්ලාදේශ ක්‍රීඩකයෝ වර්ජනය අතහැර දමති

editorial - 2026 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය කමිටුවේ ප්‍රධානියා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් බී.පී.එල්. තරගාවලිය ඇතුළු සියලුම ක්‍රිකට් තරග වර්ජනය කර සිටි බංග්ලාදේශ ක්‍රීඩකයෝ සිය වර්ජනය අත්හිටුවා තිබේ. ඒ සමගින් ප්‍රමාද වෙමින් තිබූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ (බී.පී.එල්.) තරග අද (16 වැනිදා) ආරම්භ විය. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකු වන ඉෆ්තිකාර් රහමන් මහතා සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබ සාධක සංගමේ සභාපති මොහොමඩ් මිතුන් බ්‍රහස්පතින්දා රාත්‍රි 11.45 ට මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රීඩකයන්ගේ වර්ජනය අත්හිටවූ බව නිවේදනය කළහ. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය කමිටුවේ ප්‍රධානියා වූ මොහොමඩ් නජ්මුල් ඉස්ලාම් මහතාව ඔහුගේ වගකීම් වලින් ඉවත් කරන ලද නමුත් ඔහු තවමත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකු ලෙසින් සිටී. කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ සුබ සාධක සංගමය කියා සිටින්නේ මොහොමඩ් නජ්මුල් ඉස්ලාම් මහතා තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගතයුතු බවයි. ඒ වෙනුවෙන් මොහොමඩ් නස්මුල් ඉස්ලාම් මහතාට පැය 48 ක කාලයක් දී ඇති අතර එම කාලය සෙනසුරාදා මධ්‍යාහ්න 12.00 ට අවසන් වේ. 

නජ්මුල් ඉස්ලාම් මහතා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, බංග්ලාදේශ ක්‍රීඩකයන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කළහොත් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට වන්දි ලබා නොදෙන බවයි. ක්‍රීඩකයන්ට වන්දි ගෙවීමේ කාරණාව සම්බන්ධයෙන්, ඔහු තවත් පියවරක් ඉදිරියට යමින් කියා සිටියේ ක්‍රීඩකයින් තමන්ගේ දස්කම් වෙනුවෙන් මූල්‍ය වේතනයක් ඉල්ලා සිටින්නේ නම්, ඔවුන් පිටියේදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ විට මුදල් ආපසු ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයටත් අයිතියක් තිබිය යුතු බවයි.

“ක්‍රීඩකයන්ට වන්දි ගෙවීම වගේ ප්‍රශ්නයක් ඉස්මතු කරන්නත් බෑ” 
“අපි ඔවුන් වෙනුවෙන් බොහෝ වියදම් කරනවා. ඔවුන් විවිධ තැන්වලට ගියත් අපේක්‍ෂිත දස්කම් දැක්වීමට අපොහොසත්. අපි මේ දක්වා එක ගෝලීය ශූරතාවක්වත් දිනාගෙන තියෙනවාද ?”

“ඒ සෑම අවස්ථාවකදීම, ‘ඔබලා දස්කම් දැක්වූයේ නෑ.. ඒ හින්දා අපි ඔබ වෙනුවෙන් වියදම් කළ මුදල් ආපසු දෙන්න,’ කියලා කියන්න අපිටත් පුළුවන්කම තිබුණා. ඒත් අපි එහෙම ඉල්ලුවේ නෑ” යයි  නජ්මුල් ඉස්ලාම් මහතා පැවසීය. 

නජ්මුල් ඉස්ලාම් මහතාගේ මාධ්‍ය හමුවට පසුව බදාදා ම පැවති තවත් මාධ්‍ය හමුවකදී, ක්‍රීඩකයන්ගේ සුබසාධක සංගමයේ සභාපති මොහොමඩ් මිතුන් විසින් මූල්‍ය කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරන ලදි. නජ්මුල් ඉස්ලාම් මහතාගේ ප්‍රකාශය ක්‍රීඩකයන්ට කළ අගෞරවයක් ලෙස මොහොමඩ් මිතුන් විසින් හඳුන්වා දෙන ලදි. 

- 213


අදහස් (0)

බංග්ලාදේශ ක්‍රීඩකයෝ වර්ජනය අතහැර දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.