මරාතා ඇරබියන්ස් පිලේ මොහොමඩ් හෆීස් (නොදැවී 61) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද අබුඩාබි දහයයි10 තරගාවලියේ සෙනසුරාදා (30 වැනිදා) පැවැති 7 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනීමට ඇන්ඩි්‍ර ෆ්ලෙචර් නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් පිල සමත්විය.
ඇන්ඩි්‍ර ෆ්ලෙචර්ස් (31), ජොන්සන් චාර්ල්ස් (23), අෆීෆ් හුසේන් (22) සහ චිරාග් සුරි (19) පිත්තෙන් දස්කම් දක්වමින් බංග්ලා ටයිගර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
මරාතා ඇරබියන්ස් - ඕවර 10 කදී කිසිවෙකු නොදැවී 103
(මොහොමඩ් හෆීස් නොදැවී 61, අබ්දුල් ශාකූර් නොදැවී 34)
බංග්ලා ටයිගර්ස් - ඕවර 8 කදී කඩුලු 4 ක් දැවී 105
(ජොන්සන් චාර්ල්ස් 23, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 31, අෆීෆ් හුසේන් 22, චිරාග් සුරි 19, මුක්තාර් අලී 13/1, සොහාග් ගාසී 17/1, යමින් අහ්මඩ්සායි 20/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.