Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පුහුණු තරගයේ ලකුණු සමවෙයි

පුහුණු තරගයේ ලකුණු සමවෙයි

editorial - 2021 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

නායක කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම සහ උපනායක කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අද (16 වැනිදා) පළමු පුහුණු තරගයේදී කණ්ඩායම් දෙකේ ලකුණු සමවීමෙන් තරගය අවසන් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 250 ක් රැස්කිරීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් පන්දු 89 කදී ලකුණු 71 ක් ලබාගැනීමට සමත්විය. ඉසුරු උදාන පන්දු 87 කදී ලකුණු 44 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 39 ක් ලබාගැනීමට සමත්වූහ.

අකිල ධනංජය සහ චාමික කරුණාරත්න කඩුලු 3 බැගින්ද බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක් සහ නුවන් ප්‍රදීප් කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේද ලකුණු 250 ක් පමණි.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 64 ක් ලබාගත් අතර දසුන් ශානක ලකුණු 44 ක්, ධණුෂ්ක ගුණතිලක ලකුණු 30 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 28 ක් රැස්කිරීමට සමත්වූහ.

අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් ද, දුෂ්මන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. වනිඳු හසරංග සහ රමේෂ් මෙන්ඩිස් අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

අන්තර් කණ්ඩායම් අතර දෙවැනි පුහුණු තරගය අනිද්දා (18 වැනිදා) පැවැත්වේ.

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 250
(රමේෂ් මෙන්ඩිස් 71, ඉසුරු උදාන 44, ඕෂධ ප්‍රනාන්දු 39, අකිල ධනංජය 28/3, චාමික කරුණාරත්න 38/3, බිනුර ප්‍රනාන්දු 38/2, සහ නුවන් ප්‍රදීප් 20/1)

කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 250
(අවිශ්ක ප්‍රනාන්දු 64, දසුන් ශානක 44, , ධණුෂ්ක ගුණතිලක 30, කුසල් ජනිත් 28, අසිත ප්‍රනාන්දු 43/3, දුෂ්මන්ත චමීර 26/2, ප්‍රවීන් ජයවික්‍රම 44/2, වනිඳු හසරංග 37/1, රමේෂ් මෙන්ඩිස් 39/1)


අදහස් (2)

පුහුණු තරගයේ ලකුණු සමවෙයි
  • අකුසල් Thursday, 17 June 2021 09:02 AM

    අර ක්‍රිකට් දන්න අය වට කරන් ඉන්න පොරට අඩුම ගානේ මෙහෙම මැච් එකකවත් ලකුණු ටිකක් ගහ ගන්න බෑ වගේ... දක්ෂයින් කී දෙනෙක්ගේ අවස්ථාව විනාශ කරලා ඇත්ද්‍? සහගහන අපරාධ මේවා...

    Reply 0       0

    Isuru kawshalya Thursday, 17 June 2021 07:11 PM

    අවුලක් නෑ හොඳයි. එංගලන්තය එක්ක සෙල්ලම් කරද්දී හොඳට සෙල්ලම් කරන්න. සුබ පතනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.