Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පුරුදුකාරයන්ට වැඩි බරක්
එක්දින තරගාවලිය

පුරුදුකාරයන්ට වැඩි බරක්

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන වසරේදී (2023) පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ ස්ථානය වෙන්කරවා ගැනීම සඳහා තවත් ඉතිරි වී ඇත්තේ තරගාවලි 3 ක් පමණි. මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉරිදා (16 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියත්, ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත තරගාවලිය සහ නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත තරගාවලියත් එම තරගාවලි තුනයි.

ලෝක කුසලාන සුපිරි ලීගයේදී මේ දක්වා තරග 15 කට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. ඒවායින් ලබාගත් ලකුණු 40 ත්, විසඳුමකින් තොරව අවසන් වූ තරගයෙන් ලබාගත් ලකුණු 5 ක් සමගින් ලකුණු 45 ක් හිමිකරගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ලකුණු 3 ක් අහිමි කරගෙන සිටිති. එබැවින් ශී‍්‍ර ලංකා පිල සතුවන්නේ ලකුණු 42 ක් පමණි.

මෙවන් තත්ත්වයක් යටතේ ඉරිදා ඇරඹෙන එක්දින තරගාවලියේදී 3-0 ක ජයක් අත්කරගැනීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එකම අපේක්‍ෂාවයි.

මක්නිසාද යත් තරග 15 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට එක්දින ලෝක කුසලාන සුපිරි ලීගයේ 6 වැනි ස්ථානයේ සිටින නමුත් ශී‍්‍ර ලංකාවට වඩා අඩු තරග සංඛ්‍යාවකට සහභාගි වූ පාකිස්තානය (7), බටහිර ඉන්දීය කොදෙව් (8), දකුණු අපි‍්‍රකාව (9) සහ නවසීලන්තය (10) ශී‍්‍ර ලංකාවට වඩා පහළින් සිටින බැවිනි.

මෙම තත්ත්වය යටතේ 2023 මාර්තුව වන විට ලෝක කුසලාන සුපිරි ලීගයේ ඉහළම 8 දෙනා අතරට එක්වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට නොහැකි වුවහොත්, ලබන වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් සුදුසුකම් තේරීමේ තරග වටයකට සහභාගි වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවනු ඇත.

2014 විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායම වුවද, පසුගිය වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවිය.

සිම්බාබ්වේ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයට පිවිසෙන සියලූම කී‍්‍රඩකයෝ මේ බව හොඳින් දනිති.

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා සංචිතයට අහිමි වී සිටින කී‍්‍රඩකයන් අතර පළපුරුදු පිතිකරුවෝ කිිහිප දෙනෙක්ම සිටිති. එබැවින් නැවතත් කණ්ඩායමට එක්වන දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල මත වගකීම් සම්භාරයක් පැනවී තිබේ.

කලකට පසුව නැවත කණ්ඩායමට එක්වීමේදී කළයුතු දේ මොනවාද යන්න අළු බඳුන තරගාවලියට සහභාගි වෙමින් සිටින ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් වන උස්මන් කවාජා හෝ ට‍්‍රැවිස් හෙඞ් දෙදෙනාගෙන් විමසා දැනගත හැකිය.

අද පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී දසුන් ශානක කියා සිටියේ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට පිවිසෙන බවයි. ඉනිමේ අවසන් කොටසේදීත් ප‍්‍රහාරය අවශ්‍ය වන හෙයින් දික්වැල්ල අංක 6 ට ගෙනැවිත් චාමික කරුණාරත්නට අංක 7 බාරදීමේ සැලසුමක් ද තිබේ.

ශී‍්‍ර ලංකාවේ සැනසීමට ඇති එකම කාරණය වන්නේ, වනිඳු හසරංග කණ්ඩායමේ නොසිටින නමුත්, පන්දු යැවීමේ අංශය ඉතාමත් ශක්තිමත් තත්ත්වයක තිබීමයි. සිව් ආකාරයේ පන්දු යවන්නන් වන රමේෂ් මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මහීෂ් තීක්‍ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ අතුරින් තිදෙනකු කණ්ඩායමට එක්වීමේ වැඩි ඉඩක් පවතී.

දුෂ්මන්ත චමීරට සහාය වීම සඳහා චාමික කරුණාරත්න මෙන්ම දසුන් ශානක ද සිටිති. එහෙත් ප‍්‍රතිවාදීන්ගේ තත්ත්වය සලකා බැලීමේදී දඟ පන්දු යවන්නන්ට වැඩි බරක් පැටවීමේ පුදුමයක් ද නැත.

සිම්බාබ්වේ කණ්ඩායම මෑත කාලයේදී එක්දින තරගවලදී හොඳ දස්කම් දැක්වූ කණ්ඩායමක් නොවේ. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 14 වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය වසරේදීම කී‍්‍රඩා කළ එක්දින තරග 6 න් ජයගෙන ඇත්තේ තරගයක් පමණි. එයද අයර්ලන්තයට එරෙහිවය.

කෙසේ වෙතත් සිම්බාබ්වේ පුහුණුකරු ලාල්චන්ද් රජ්පුට් මහතාට ඇත්තේ සුභවාදී බලාපොරොත්තුවකි.

”මේක ලෝක කුසලාන සුපිරි ලීගයේ තරගාවලියක් නිසා සෑම තරගයක්ම අපට ඉතාමත් වැදගත්. ශී‍්‍ර ලංකාව පරාජය කරන්න අපට අවස්ථාවක් තියෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා” යයි කී සිම්බාබ්වේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් මහතා...

”මේ වෙලාවේ අපි කොහොමහරි ප‍්‍රසාද ලකුණු ටිකක් එකතු කරගන්න  ඕනා” යයි පැවසුවේ ලෝක කුසලාන සුපිරි ලීගයේ පතුළටම වැටී සිටීමෙන් හෙම්බත් වී සිටින බැවින් විය හැකිය.

 


අදහස් (0)

පුරුදුකාරයන්ට වැඩි බරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.