Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පිලිප්ස් - ෆර්ගසන් නවසීලන්තය දිනවති

පිලිප්ස් - ෆර්ගසන් නවසීලන්තය දිනවති

editorial - 2022 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්ලේන් පිලිප්ස්ගේ දක්ෂ පිතිහරඹයත්, ලොකී ෆර්ගසන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්ට්හිදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ 142 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලොකී ෆර්ගසන් ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත් අතර අයර්ලන්ත ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජේම්ස් නීෂම් සහ මිචෙල් සෑන්ට්නර් කඩුලු 2 බැගින් දවාගත්හ.

අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් රැස්කළේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ග්ලේන් පිලිප්ස් පන්දු 52 කදී නොදැවී ලකුණු 69 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. ජේම්ස් නීෂම් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළේය.

ජොෂුවා ලිට්ල් ලකුණු 35 කට කඩුලු 4 ක් බිඳහෙළමින් අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මාර්ක් අඩෙයර් ලකුණු 49 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් විය.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 173
(මාටින් ගප්ටිල් 24, ග්ලේන් පිලිප්ස් නොදැවී 69, ජේම්ස් නීෂම් 29, මයිකල් බ්‍රාස්වෙල් 21, ජොෂුවා ලිට්ල් 35/4, මාක් අඩෙයර් 49/2)

අයර්ලන්තය - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 142
(කර්ටිස් කැම්පර් 29, ජෝජ් ඩොක්‍රෙල් 15, මාක් අඩෙයර් 25, ලොකී ෆර්ගසන් 14/4, ජේම්ස් නීෂම් 19/2, මිචෙල් සෑන්ට්නර් 36/2)

-036

 


අදහස් (0)

පිලිප්ස් - ෆර්ගසන් නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.