Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පැතුම් - ලක්ෂිත ටෙස්ට් සංචිතයට කැඳවති
ගාල්ල ටෙස්ට් තරගය

පැතුම් - ලක්ෂිත ටෙස්ට් සංචිතයට කැඳවති

editorial - 2022 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කළ පැතුම් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගය සඳහා යළිත් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඔහුට අමතරව පළමු තරගයෙන් අනතුරුව සංචිතයෙන් නිදහස් කළ මශීෂ් තීක්ෂණ වෙනුවට තවත් පිට දඟ පන්දු යවන්නකු වන ලක්ෂිත මනසිංහද සංචිතයට කැඳවා ඇත.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පැතුම්, පළමු ඉනිමේ පන්දුවට පහරදීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත බවට තහවුරුවීම හේතුවෙන් තරගයෙන් ඉවත්ව දින 5 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය.

ඒ හේතුවෙන් එම තරගයේ දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීම සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවනු ලැබිණ. ඉන් අනතුරුව පාකිස්ථානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදීද පැතුම් විවේක ගැන්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය ඔහුගේ ස්ථානය ඕෂධට ලබා දුන්නේය.

පිට දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට පළමු ටෙස්ට් තරගයේදී ඕවර 40 ක් යවමින් දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි. තරගයෙන් අනතුරුව දකුණු අතේ ඇගිල්ලක හටගෙන ඇති ආබාධයක් හේතුවෙන් මහීෂ් සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය, ඔහු වෙනුවට ලක්ෂිත මානසිංහ සංචිතයට කැඳවීය.

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී එස්.එස්.සී. කණ්ඩාමට ක්‍රීඩා කරන පිට දග පන්දු යවන ක්‍රීඩක මනසිංහ, තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති නමුත්, පළමු පෙළ තරග 17 කදී කඩුලු 73 ක් දවාගැනීමට සමත්ව සිටියි. එහිදී ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 57 කට කඩුලු 8 ක් දවාගැනීමය.


අදහස් (0)

පැතුම් - ලක්ෂිත ටෙස්ට් සංචිතයට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.