Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නේපාලය ලෝක වාර්තාවක් සමකරයි

නේපාලය ලෝක වාර්තාවක් සමකරයි

editorial - 2020 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35 කට දවාගනිමින් එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමේ ලෝක වාර්තාව සමකිරීමට නේපාලය අද (12 වැනිදා) සමත් විය.

2004 වසරේ හරාරේහිදී පැවැති තරගයකදී සිම්බාබ්වෙ කණ්ඩායම ලකුණු 35 කට දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ වාර්තාව සම කිරීමට නේපාල ක්‍රීඩකයෝ සමත් වූහ. අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන ලීග් තරගාවලිය යටතේ පැවැති තරගයකදී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 35 කට දවාගනිමින් නේපාල කණ්ඩායම මෙම වාර්තාව සමකිරීමට සමත්විය.

කැනඩාව ලකුණු 36 කට සහ සිම්බාබ්වේ ලකුණු 38 කට දවාගනිමින් එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් තබා ඇති වාර්තා ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී ඇත්තේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනූ නේපාල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 12 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 35 ක් පමණි.

ආරම්භක පිතිකරු සේවියර් මාෂල් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 16 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 5 සීමාව හෝ පසුකිරීමට නේපාල පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන්හ. සේවියර් මාෂල් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 7 එක්දින තරග 37 ක් මෙන්ම විස්සයි-20 තරග 13 ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

පළමු කඩුල්ල ලකුණු නොලබාම දැවී ගිය අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 23 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සේවියර් මාෂල් සහ මොනාක් පටෙල් සමත්වුවද ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ අවසන් කඩුලු 9 ලකුණු 12 ක් තුල දැවීයාම කැපී පෙනුණි.

පාදඟ පන්දු යවන ක්‍රීඩාක සංදීප් ලැමිචාන් ඕවර 6 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 16 කට කඩුලු 6 ක් දවාගත් අතර වමතින් දඟපන්දු යවන සුෂාන් භාරී ඕවර 3 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 05 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 36 ක ඉලක්කයක් හඹාගිය නේපාල කණ්ඩායම ඕවර 5.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසු කිරීමට සමත්විය.


ඇමරිකාව - ඕවර 12 කදී සියලුදෙනා දැවී 35
(සේවියර් මාෂල් 16, සංදීප් ලැමිචේන් 16/6, සුෂාන් භාරී 05/4)

නේපාලය - ඕවර 5.2 කදී කඩුලු 2 ක් දැවී 36
(පරාස් ඛඞ්කා නොදැවී 20, නොස්තුෂ් කෙන්ජිග් 15/2)

...


අදහස් (0)

නේපාලය ලෝක වාර්තාවක් සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.