Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දස්කම් හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස ස්කොට්ලන්තය සහ නැමීබියාව අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට නැමීබියාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 110 ඉලක්කයක් හඹාගිය නැමීබියා ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජේ.ජේ. ස්මිත් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 109 කට සීමා කිරීමට රැබෙන් ට්‍රම්පල්මාන් ප්‍රමුඛ නැමීබියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ට්‍රම්පල්මාන් සිය ඕවර 4 ලකුණු 17 කට සීමාකරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේය.
ලකුණු 18 කට කඩුලු 4 ක් බිඳවැටුණද, ඉන් නොසැලී වේගවත් පිතිහරඹයක නිරත වූ මයිකල් ලීසැක් පන්දු 27 කදී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. බිඳවැටී තිබූ ස්කොට්ලන්ත ඉනිම ගොඩගැනීම සඳහා ලීසැක්ට අනගි සහායක් දුන් ක්‍රිස් ග්‍රේව්ස් පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්කළේය.
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 109
(මැතිව් කෘස් 19, මයිකල් ලීසැක් 44, ක්‍රිස් ග්‍රේව්ස් 25, රැබෙන් ට්‍රම්පල්මාන් 17/3, ජෑන් ෆ්‍රලින්ක් 10/2)
නැමීබියාව - ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී 115
(ක්‍රේග් විලියම්ස් 23, මයිකල් වැන් ලින්ගෙන් 18, ඩේවිඩ් වයිස් 16, ජේ.ජේ. ස්මිත් නොදැවී 32, මයිකල් ලීසැක් 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.