Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තය සාර්ථක පිළිතුරකට සැරසෙයි
ඉන්දියා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය (2වැනි දිනය)

නවසීලන්තය සාර්ථක පිළිතුරකට සැරසෙයි

editorial - 2021 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ නවසීලන්තය අතර කාන්පූර්හිදී පැවැතිවෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්තය කිසිවකු නොදැවී ලකුණු 129 ක් ලබා ඉන්දියාවට වඩා ලකුණු 216 ක් පසුපසින් සිටියේය.

දිනය නිමාවන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන විල් යංග් හතරේ පහර 12 ක් සමග ලකුණු 75 ක්ද, ටොම් ලේතම් හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියහ. එය විල් යංග්ගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය වූ අතර ලේතම්ගේ 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.

පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටි ඉන්දීය ක‍්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 87 ක් එක්කර ගත්හ. මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රෙයාස් අයියර් (105) එහිදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනිමින් ඉන්දීය ඉනිම සවිමත් කළේය.

ලකුණු 145 කට කඩුලූ 4 ක් බිඳවැටුණ අවස්ථාවේදී රවින්ද්‍ර ජදේජා (50) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අයියර් සමත් විය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ඔහු පන්දු 171 කදී ලබාගත් ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සැරසුවේය.

ඉනිමේ අවසන් භාගයේදී හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක් රැුස්කළ රවිචන්ද්‍රන් අෂ්වින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාව ආසන්නයට රැගෙන ගියේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති ලකුණු 69 කට කඩුලූ 5 ක් බිඳහෙළු අතර කයිල් ජෙමීසන් ලකුණු 91 කට කඩුලූ 3 ක්ද, අජාස් පටේල් ලකුණු 90 කට කඩුලූ 2 ක්ද දවාගත්හ.

 

ඉන්දියාව - සියලූ දෙනා දැවී 345
(ශුබ්මන් ගිල් 52, චෙතේෂ්වර් පුජාරා 26, අජින්ක්‍යා රහනේ 35, ශ්‍රෙයාස් අයියර් 105, රවින්ද්‍ර ජදේජා 50, රවිචන්ද්‍රන් අෂ්වින් 38, ටිම් සවුති 69/5, කයිල් ජෙමීසන් 91/3, අජාස් පටේල් 90/2)

නවසීලන්තය - කිසිවකු නොදැවී 129
(ටොම් ලේතම් නොදැවී 50, විල් යංග් නොදැවී 75)

-036

 


අදහස් (0)

නවසීලන්තය සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.