Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට බංග්ලාදේශය අද (1 වැනිදා) සමත්විය. මීර්පූර්හීදී පැවැති පළමු විස්සයි20 තරගය කඩුලු 7 කින් ජයගත් බංග්ලාදේශයට තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද හැකිවිය.
මින් පෙර 2014 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 60 කට දැවී ගිය නවසීලන්තය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පළමු අවස්ථාව වාර්තා කළේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තයට ඕවර 16.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 60 ක් පමණි. ටොම් ලේතර් සහ හෙන්රි නිකල්ස් ලකුණු 18 බැගින් ලබාගනිමින් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවෝ බවට පත්වූහ. නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු 5 සීමාව පසු කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
මුස්ටෆිසූර් රහ්මන් ලකුණු 13 කට කඩුලු 3 ක් ද, නසුම් අහ්මඞ් ලකුණු 5 කට කඩුලු 2 ක් ද, මොහොමඞ් සයිෆුදීන් ලකුණු 7 කට කඩුලු 2 ක් සහ සකීබ් අල් හසන් ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 61 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 15 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 7 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දුයවන්නන් බංග්ලාදේශයට පීඩනයක් ඇති කිරීමට සමත්වුවද සකීබ් අල් හසන් එම පීඩනයෙන් සිය කණ්ඩායම මුදවා ගැනීමට සමත්විය.
පන්දු 33 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් රැස්කර සිටියදී රචින් රවින්ද්‍රගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩපන්දුවක් දෙමින් සකීබ් දැවී ගියේය.
මුෂ්ෆිකූර් රහීම් පන්දු 26 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 16 ක් සහ මහමුදුල්ලා පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 14 ක් ලබාගනිමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
නවසීලන්තය - ඕවර 16.5 කදී සියලුදෙනා දැවී 60
(ටොම් ලේතර් 18, හෙන්රි නිකල්ස් 18, මුස්ටෆිසූර් රහ්මන් 13/3, නසුම් අහ්මඞ් 5/2, මොහොමඞ් සයිෆුදීන් 7/2, සකීබ් අල් හසන් 10/2)
බංග්ලාදේශය - ඕවර 15 කදී කඩුලු 3 ක් දැවී 62
(සකීබ් අල් හසන් 25, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 16, මහමුදුල්ලා නොදැවී 14)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.