Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නරේන්ගේ පන්දු යැවීම යළිත් සැකයට

නරේන්ගේ පන්දු යැවීම යළිත් සැකයට

editorial - 2020 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් කිංග්ස් ඞෂ පන්ජාබ් පිලට එරෙහිව සෙනසුරාදා (10 වැනිදා) පැවැති තරගයකදී නීතිවිරෝධී පන්දු යැවීමක නිරත වූයේ යැයි චෝදනා ලබා තිබේ. එම තරගයේ විනිසුරුවරුන් විසින් ඒ බව වාර්තා කර ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබිණ. 

අයි.පී.එල් තරගාවලියේ සැක සහිත නීතිවිරෝධී පන්දු යැවීමේ ක්‍රියාකාරී ප්‍රතිපත්තියට අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. පවතින නීතිරීතිවලට අනුව, නරේන් අනතුරු ඇඟවීමේ ලැයිස්තුවට ඇතුළත් කරනු ඇති නමුත් තරඟාවලියේදී දිගටම පන්දු යැවීමට ඔහුට අවසර ලබාදෙනු ලැබේ.

කෙසේ වෙතත්, නරේන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් තවත් වතාවක් විනිසුරුවරුන් පැමිණිලි කළහොත් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තුරු මෙවර අයි.පී.එල් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීම අත්හිටුවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැකකටයුතු පන්දු යැවීමේ ක්‍රියාකාරී කමිටුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. සෙනසුරාදා පැවති තරගයේදී කිංග්ස් ඞෂ පන්ජාබ් පිලට එරෙහිව ලකුණු 2 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්වූ අතර එහිදී සුනිල් නරේන් ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත්තේය

 


අදහස් (0)

නරේන්ගේ පන්දු යැවීම යළිත් සැකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.