Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)
වාසිය දෙපිලටම දෝලනය වුණු කදිම තරග දෙකකට පසුව ශ්‍රී ලංකාව සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැති සිව්දින ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. අද (10 වැනිදා) නිමාවූ දෙවැනි තරගය මෙන්ම පසුගිය සිකුරාදා අවසන් වූ පළමු වැනි ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වූයේය.
දෙවැනි (සිව්දින) තරගය ජයගැනීමේ අරමුණින්, අද සවස පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ පස්වරු 5.33 ට පැවැති මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන විට ලකුණු 173 කට කඩුලු 7 ක් අහිමි කරගෙන සිටියහ. ඉතිරි කඩුලු 3 දවාගැනීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ඕවර 13 ක් ඉතිරිව තිබුණද ලයන්ස් පිලේ ජයග්‍රහණය ලකුණු 111 ක් තරම ඈතින් තිබිණ.
ජය පරාජය විසඳීමට අවශ්‍ය වූයේ තීරණාත්මක පන්දු 3 ක් (කඩුලු 3 ක් දවාගැනීම සඳහා) පමණකි. එහෙත් එන්න එන්නම අඳුර ගලාඑන්නට වූ බැවින් ගාමිණී දිසානායක සහ රවීන්ද්‍ර කොට්ටච්චි විනිසුරුවරු තරගය නතර කර දැමූහ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 356 ක් ලබාගත්තේ තරගය ජයගැනීමට නම් ලකුණු 284 ක් රැස්කරන ලෙස ලයන්ස් පිලට අභියෝග කරමිනි. ඒ සඳහා ඔවුනට පැය හතර හමාරක පමණ කාලයකදී ඕවර 52 ක් ඉතිරිව තිබිණ. එහෙත් තේ පානය වන විට ලයන්ස් පිතිකරුවන් රැස්කරගෙන සිටියේ කඩුලු 2 ක් දැවී ලකුණු 66 කි.
තරගය ජයගැනීමට නම් එතැන් සිට ඕවර 37 කදී, එකකට ලකුණු 5.891 ක වේගයක් රඳවාගනිමින්, ලකුණු 218 ක් කරා යා යුතුවිය. එහෙත් තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තරගයේ ග්‍රහණය එන්න එන්නම දැඩිකළ හෙයින් ලයන්ස් පිතිකරුවෝ ජයග්‍රහණය කරා යාම පසෙක දමා පරාජයෙන් ගැලවීමට ක්‍රීඩ කළහ. මේ අතරවාරයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලක්ෂිත මානසිංහ, ලකුණු 61 කට කඩුලු 5 ක් දවාගනිමින්, තමන්ගේ ඉදිරි ගමන වඩාත් එළිපෙහෙළි කරගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේවත් නොසිටි චාමික කරුණාරත්න මෙම තරගයට ගෙනාවේ නවසීලන්ත සංචාරයට පොරතුව රතු පන්දුවෙන් තරග කිරීමේ අවස්ථාව ලබා දීමටත්, වේග පන්දු යැවීමේ හැකියාව තිබුණද, ටෙස්ට් පිතිකරුවකු වශයෙන් ඔහුගේ හැකියාව පිරික්සා බැලීම සඳහාත්ය. මුල් ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් නමුත් චාමික කරුණාරත්නට ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී ගියේය.
වසර 4 කින් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැති චාමික, මෙම තරගයට පෙර පළමු පෙළ තරගයකට සහභාගි වූයේත් මීට වසර දෙක හමාරකට ඉහතදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.