Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිමුත් ලෝක වාර්තාවක් අබියස

දිමුත් ලෝක වාර්තාවක් අබියස

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (29) ආරම්භ වන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලෝක වාර්තාවකට ආසන්න වෙමින් සිටී.

බටහිර ඉන්දීය පිලට එරෙහිව අද ගාල්ලේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 50 ක් හෝ ඊට වඩා ලබාගත හැක්කේ නම් පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් පිතිකරුවන්ගේ කාණ්ඩයට ඇතුළත් වීමට දිමුත් කරුණාරත්නට අවස්ථාව ලැබේ. මෙම වාර්තාවට පිතිකරුවන් 6 දෙනකු දැනටමත් හිමිකම් කියන අතර කිසිවකු පිට පිටම ටෙස්ට් ඉනිම 8 කදී අර්ධ ශතකය ඉක්මවා ගොස් නැත.

සිය අවසන් ටෙස්ට් ඉනිම 6 දීම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ දිමුත් එම ඉනිම 6 දී ලකුණු 733 ක් ලබාගත්තේ ඉනිමකකදී ලකුණු 122.16 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 6 දී ලකුණු ලබාගැනීම් වාර්තා වන්නේ 75, 244, 118, 66, 147 සහ 83 ක් ලෙසිනි.

පිට පිටම ටෙස්ට් ඉනිම 6 කදී ලකුණු 50 සීමාව පසු කර ඇති පිතිකරුවන් 25 දෙනා අතරට දිමුත් කරුණාරත්න දැනටමත් එක්ව සිටී. එහෙත් පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 සීමාව පසුකර ගිය පිතිකරුවන්ගේ ලයිස්තුවේ දැනට සිටින එකම ශී‍්‍ර ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාරයි. 2014 වසරේ දී බංගලාදේශයට එරෙහිව ත‍්‍රිත්ව ශතකයක් ඇතුඵව පිට පිට අර්ධ ශතක 7 ක් රැුස් කරමින් සංගක්කාර ලෝක වාර්තාව සමකළේය.


පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 සීමාව ඉක්මවාගිය පිතිකරුවෝ

ශී‍්‍රමත් එවර්ටන් වීක්ස් (බටහිර ඉන්දීය කොදෙව්)
ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ)
ෂිව්නරීන් චන්ද්‍රපෝල් (බටහිර ඉන්දීය කොදෙව්)
කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව)
කි‍්‍රස් රොජර්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
ලෝකේෂ් රාහුල් (ඉන්දියාව)

- 8535

 


අදහස් (0)

දිමුත් ලෝක වාර්තාවක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.