Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට වැදගත් තරගාවලියක් වන අතර තවදුරටත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ දැනට හිමි ස්ථානය රැකගන්නවාද නැතහොත් තව පඩියක් පහළට වැටෙනවාද යන්න තෝරාගත යුතුව ඇත.
ප්‍රසාද ලකුණු 83 ක් ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස හෝ 0-0 ලෙස සමකර ගැනීම වැදගත් වනු ඇත. නැතහොත් 1-0 ක් ලෙස හෝ 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලිය පරාජයට පත්වුවහොත් කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව පසුකර යමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය අත්පත් කරගනු ඇත. එවිට ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුවනු ඇත.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට පෙර මූලික වටයේ අවසන් තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. මේ වනවිටත් අවසන් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක තේරී පත්වී ඇති බැවින් ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියට බලපෑමක් ඇති නොවේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 8 කට ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව එක් තරගයක් පමණක් ජයගෙන ඇති අතර තරග 6 ක් පරාජයට පත්වී එක් තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 9 කට ක්‍රීඩාකර ඉන් තරග 3 ක් ජයගෙන තරග 6 ක් පරාජයට පත්වී ඇත.
ආබාධ හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවූ නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්වීම මහත් අස්වැසිල්ලක් වනු ඇත. නමුත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලිය අතරතුරදීම ශ්‍රී ලංකාවට පැමිණීම පිරිමැසිය නොහැකි පාඩුවකි.
දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ඉනිම ආරම්භ කරනු ඇති අතර අතර ඕෂධ ප්‍රනාන්දු අංක 3 ට ස්ථානයට පැමිණීමට සූදානමින් සිටී. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැති අඩුව පුරවමින් කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබාගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් අංක 4 ට යොදා ගනු ඇතැයි බලාපොරොත්තුවේ. ධනංජය ද සිල්වා අංක 5 ස්ථානය දක්වා පැමිණෙනු ඇති අතර අංක 6 ස්ථානය සඳහා රොෂේන් සිල්වා සහ පැතුම් නිස්සංක අතර තරගයක් ඇත. චන්දිමාල් කඩුලු රැකීමෙන් නිදහස්කරමින් අත්දෑකීම් බහුල නිරෝෂන් දික්වැල්ල අංක 7 ස්ථානයට යොදාගැනීමේ බලාපොරොත්තුවක් ඇත්තේ කඩුලු රකින්නා ලෙස පිතිකරු අංශය ශක්තිමත් කරනු ඇත.
වේගපන්දු යවන්නන්ට උචිත තණතීරූ ඇති කොදෙව් දූපත්හිදී වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහ එක් දඟපන්දු යවන්නකු ශ්‍රී ලංකාව යොදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබේ. වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය නිත්‍ය දඟපන්දු යවන්නා ලෙස යොදාගනු ඇති අතර අවශ්‍ය වුවහොත් ඔහුගේ සහයට පිට දඟපන්දු යවන ධනංජය ද සිල්වාත් පිතිකරු ලයිස්තුව ඇතුළේ සිටී.
සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුශංක යන වේගපන්දු යවන්නන්ගෙන් තිදෙනෙකු පළමු තරගය සඳහා යොදාගැනීමේ සැලැස්මක් දැනට තිබේ. එහෙත් විස්සයි20 තරගාවලියේදී සහ එක්දින තරගාවලියේදී දැක්වූ දස්කම් අනුවත්, හසරංගගේ ගුග්ලි පන්දුව වටහා ගැනීම සම්බන්ධයෙන් කොදෙව් පිතිකරුවන් දක්වන අසීරුතාව ගැනත් සැලකිල්ලට ගත් කල්හි වනිඳු හසරංග පසෙකින් තැබිය හැකි ක්‍රීඩකයෙක් නොවේ.
කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගවල ඕවර 12 කදී ලකුණු 31 කට කඩුලු 8 ක් දවාගත් වනිඳු හසරංග, එක්දින තරග 3 දී ශතක සම්බන්ධතාවක්ද සමගින් ලකුණු 130 ක් ලබාගත්තේය.
කොදෙව් කණ්ඩායමේ නිත්‍ය නායකත්වයේ වෙනසක් සිදුකර ඇති අතර ක්‍රෙග් බ්‍රැත්වේට් නිත්‍ය නායකත්වයට පත්වීමෙන් පසුව ක්‍රීඩාකරන පළමු තරගාවලිය මෙය වන්නේය. මෙම තරගාවලියට පෙර බංග්ලාදේශට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා සහ සුරංග ලක්මාල්.
බටහිර ඉන්දීය ටෙස්ට් සංචිතය:
ක්‍රේග් බ්‍රැත්වෙයිට් (නායක), ජර්මේන් බ්ලැක්වුඩ් (උප නායක), නකෲමා බෝනර්, ඩැරන් බ්‍රාවෝ, ජෝන් කැම්බල්, රහීම් කෝන්වෝල්, ජෝෂුවා ඩි සිල්වා, ෂැනන් ගේබි්‍රයෙල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝශප්, කයිල් මේයර්ස්, කෙමර් රෝච් සහ ජොමෙල් වැරිකන්.
Harith Damsara Sunday, 21 March 2021 08:32 AM
මේකවත් කන්නැතුව ගහපල්ලා සුපිරියටම...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.