Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව අවසන් තරගයට

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

editorial - 2019 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාල කණ්ඩායම අද (1 වැනිදා) සමත්විය.

ඩුබායිහී අයි.සී.සී. ඇකඩමි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු කඩයිම් තරගයේදී ශ්‍රී ලංකාවේ අයි.සී.බී.ටී කණ්ඩායමට එරෙහිව ලකුණු 41 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩයිම් තරගයෙන් පරාජයට පත්වුවද දෙවැනි කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් හෙට පැවැත්වෙන තෙවැනි කඩයිම් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. එම තරගය ජයගන්නා කණ්ඩායමට අවසන් තරගයේදී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාල කණ්ඩායම මුණගැසෙනු ඇත.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 220 ක් රැස්කිරීමට සමත්විය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ජිවේෂන් පිල්ලේ පන්දු 64 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමට සමත්විය. ජිවේෂන් පිල්ලේට අනගි සහයක් ලබාදුන් රුයන් ඩි’ස්වඞ්ට් පන්දු 30 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.

ජිවේෂන් පිල්ලේ සහ රුයන් ඩි’ස්වඞ්ට් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 62 කදී ලකුණු 151 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 179 ක් පමණි.

ළහිරු මිලන්ත සහ හිමාෂ ලියනගේ අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණනවත් නොවීය.

ළහිරු මිලන්ත පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 53 ක් රැස්කිරීමට සමත්වූ අතර හිමාෂ ලියනගේ පන්දු 26 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.

සීන් ගිල්සන් සහ ගිඩියොන් පීටර්ස් කඩුලු 3 බැගින්ද රුයන් ඩි’ස්වඞ්ට් සහ රූබන් ට්‍රම්ප්මන් කඩුලු 2 බැගින්ද දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 220
(ජිවේෂන් පිල්ලේ නොදැවී 109, රුයන් ඩි’ස්වඞ්ට් 62)

ශ්‍රී ලංකාව - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 179
(ළහිරු මිලන්ත 53, හිමාෂ ලියනගේ 50, සීන් ගිල්සන් 27/3, ගිඩියොන් පීටර්ස් 31/3, රුයන් ඩි’ස්වඞ්ට් 33/2, රූබන් ට්‍රම්ප්මන් 41/2)

ඡායාරූපය - රෙඩ්බුල් ක්‍රිකට් ෆේස්බුක් පිටුවෙනි.

...


අදහස් (0)

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.