Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කේෂව් මහරාජ්ගේ සහ කගිසෝ රබාඩාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 158 ක ජයක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 325 ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේෂව් මහරාජ් ලකුණු 36 කට කඩුලු 5 ක්ද, කගිසෝ රබාඩා ලකුණු 44 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් කොදෙව් දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.
තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබා කොදෙව් කණ්ඩයමේ පළමු කඩුල්ල ලෙස නායක ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 6 කට දැවී ගියේ රබාඩාගේ පන්දුවක් හමුවේ ඩීන් එල්ගා අතට උඩ පන්දුවක් දෙමිනි. ශායි හෝප්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් ලබා නොදුන් රබාඩා ඔහුගේ ඉනිම ලකුණු 2 කට සීමා කළේය.
කොදෙව් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කිරන් පවෙල් (51) සහ කයිල් මේයර්ස් (34) සමත් වුවද, රබාඩාගේම පන්දුවක් හමුවේ ඩීන් එල්ගා අතට උඩ පන්දුවක් දෙමින් මේයර්ස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 116 කට මුහුණදෙමින් ලබාගත් පවෙල්ගේ 8 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 9 ක් අන්තර්ගත විය.
ඉන් අනතුරුව වැඩ ඇල්ලූ කේෂව් මහරාජ් සිය පළමු කඩුල්ල ලෙස අර්ධ ශතයක් ලබා සිටි කිරන් පවෙල්ව පිටියෙන් ඉවත් කළ අතර එතැන් පටන් තවත් පිට පිටම පන්දු දෙකකදී ජේසන් හෝල්ඩර් සහ ජොෂුවා ඩි’ සිල්වා දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකටද හිමිකම් කිවේය. ඉන් නොනැවතුණ ඔහු දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් එක් අන්තයක් රැකගෙන සිටි කේමර් රෝච් (27) සහ ජේඩ්න් සීල්ස් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 298
(ඩීන් එල්ගා 77, කයිල් වරීන් 27, ක්වින්ටින් ඩි’ කොක් 96, කගිසෝ රබාඩා නොදැවී 21, කයිල් මේයර්ස් 28/3, කේමර් රෝච් 45/3, ශැනන්‍ගේබ්‍රියල් 65/2)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 149
(ශායි හෝප් 43, ජර්මේන් බ්ලැක්වුඩ් 49, වියාන් මල්ඩර් 01/3, කගිසෝ රබාඩා 24/2, ලුංගි න්ගිඩි 27/2, කේෂව් මහරාජ් 47/2)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 174
(කීගන් පීටර්සන් 18, ඩැන්ඩර් ඩුසේන් 75, කගිසෝ රබාඩා 40, කේමර් රෝච් 52/4, කයිල් මේයර්ස් 24/3)
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 165
(කිරන් පවෙල් 51, කයිල් මේයර්ස් 34, ජර්මේන් බ්ලැඩ්වුඩ් 25, කේමර් රෝච් 27, කේෂව් මහරාජ් 36/5, කගිසෝ රබාඩා 44/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.