Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකානු ලීගයේ හිමිකාරීත්වය ඉන්දියාවට

දකුණු අප්‍රිකානු ලීගයේ හිමිකාරීත්වය ඉන්දියාවට

editorial - 2022 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් දකුණු අප්‍රිකාවේ අලුතින් ආරම්භ කිරීමට නියමිත දේශීය විස්සයි20 ලීගයේ කණ්ඩායම් හයම මිලදී ගෙන ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අද (20 වැනිදා) තහවුරු කළේය.

ලබන වසරේ ජනවාරී මාසයේදී නව ලීග් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් හිමිකාරීත්වය දරන රිලායන්ස් සමාගම නිව්ලෑන්ඩ් කණ්ඩායම මිලදී ගෙන ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් හි හිමිකරුවන් විසින් ජොහැන්නස්බර්ග් කණ්ඩායම මිලදී ගත් අතර දිල්ලි කැපිටල්ස් හිමිකරුවන් විසින් ප්‍රිටෝරියා කණ්ඩායම හිමිකර ගත්තේය.

ලක්නව් සුපර් ජයන්ට්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් හි හිමිකරුවන් පිළිවෙලින් ඩර්බන්, පෝර්ට් එලිසබෙත් සහ පාර්ල් සඳහා ලංසු තැබූහ.

”මෙය සත්‍ය වශයෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට උද්යෝගිමත් කාලයක්. ගෝලීය ක්‍රිකට් පරිසර පද්ධතිය තුළ ඇති අතිමහත් උනන්දුව මෙයින් පෙන්නුම් කරනවා” යයි තරගාවලියේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ග්‍රේම් ස්මිත් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

”අදාළ අයිතිකරුවන්ගේ ශක්තිමත් ක්‍රීඩා පසුබිම සහ ඔවුන් කළමනාකරණය කරන ගෝලීය සන්නාමයන් ලීගයට ස්ථාවරත්වය සහ අත්දැකීම් ගෙන එනවා. එබැවින් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සහ අනෙකුත් කර්මාන්ත ඔවුන්ගේ විශේෂඥතාව සහ සම්පත් වලින් ප්‍රතිලාභ ලබන බව සහතික කරනවා”

“අපි දැනටමත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගණනාවක් ගිවිසුම්ගත කර තිබෙනවා. ඔවුන් ළඟදීම ප්‍රකාශයට පත් කරනවා,” යයිද හිටපු දකුණු අප්‍රිකානු නායකයා වැඩිදුරටත් පැවසීය.

අයි.පී.එල් හී ක්‍රීඩා කරන කොල්කටා, රාජස්ථාන් සහ පන්ජාබ් කණ්ඩායම් තුනෙහි හිමිකරුවන් මේ වන විටත් කැරිබියන් ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් ද හිමිකරගෙන ඇත.

ඊට අමතරව කොල්කටා කණ්ඩායමේ හිමිකරුවන් එක්සත් ජනපදයේ මුදල් පදනම් කරගත් ප්‍රධාන ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ද සම්බන්ධවී තිබේ.

- 2079


අදහස් (0)

දකුණු අප්‍රිකානු ලීගයේ හිමිකාරීත්වය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.