Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් (කාන්තා) එක්දින තරගාවලිය සඳහා සහභාගි වන දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් මොහොතේදී වෙනස් කිරීමට සිදුවී තිබේ.
කණ්ඩායමේ පළපුරුදුම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන අන්කී බොෂ් හදිසියේ අසනීප වීම හේතුවෙන් ඇය දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත්ව යන අතර ඇයගේ ස්ථානය ලාරා ගුඩෝල්ට හිමිවී තිබේ.
අසනීපවී ඉවත්ව යන අන්කී බොෂ් තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වුවද, ලාරා ගුඩෝල් ඉදිරිපෙළ පිතිකාරිණියකි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා තුන්කොන් තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
පළපුරුදු ක්‍රීඩිකාවක වන ලෝරා වූල්වර්ත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මෙහෙයවයි. තවත් නවක ක්‍රීඩිකාවන් වන කරාබෝ මේසෝ, ෂෙශිනි නායිදු සහ චෝල් ටි්‍රයෝන් මෙන්ම පළපුරුදු ක්‍රීඩිකාවන් වන අයබොන්ගා කාකා සහ සූන් ලූස් වැනි ක්‍රීඩිකාවෝත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
සෑම කණ්ඩායමක්ම පළමු වටයේදී සිය ප්‍රතිවාදීන් හා දෙවරක් තරග වදින අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
දකූණු අප්‍රිකානු කාන්තාවෝ මෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමත් මේ මස 23 වැනිදා දිවයිනට පැමිණෙති.
දකුණු අප්‍රිකානු සංචිතය
ලෝරා වූල්වර්ත් (නායිකාව), ටැස්මින් බි්‍රට්ස්, නඩීන් ඩි’ක්ලර්ක්, ඇනරි ඩර්ක්සන්, ලාරා ගුඩෝල්, සිනාලෝ ජෆ්ටා, අයබොන්ගා කාකා, මසබාටා ක්ලාස්, සූන් ලූස්, කරාබෝ මේසෝ, නොන්කුලුලේකෝ ම්ලාබා, ෂෙශිනි නායිදු, නොන්ඩුමිසෝ ශන්ගේස්, මියානේ ස්මිත් සහ චෝල් ටියෝන්
තරග කාල සටහන
අප්‍රේල් 27 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
අප්‍රේල් 29 - ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 02 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 04 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
මැයි 07 - දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර
මැයි 09 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 11 - අවසන් තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.