Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස කොමිලා වොරියර්ස් කණ්ඩායම සහ ශිලාත් තන්ඩර්ස් කණ්ඩායම අතර ශිලාත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය සුපිරි ඕවරයේදී ජය ගැනීමට කොමිලා වොරියර්ස් කණ්ඩායම ඊයේ (2 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය ශිලාත් තන්ඩර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. ශිලාත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සොහාග් ගාසි පන්දු 31 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජිබුර් රහමන් ලකුණු 12 කට කඩුලු 4 ක් දවාගත්තේ ශිලාත් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කරමිනි. දෙපිලේම ලකුණු සමාන වූ බැවින් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ.
කොමිලා කණ්ඩායම වෙනුවෙන් මුජිබුර් රහමන් යැවූ සුපිරි ඕවරයේදී ශිලාත් කණ්ඩායමේ ඔන්ඩි්‍ර ෆ්ලෙචර්ට සහ ශර්ෆේන් රදර්ෆර්ඞ්ට ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. අනතුරුව ශිලාත් කණ්ඩායම වෙනුවෙන් නවීන් උල්හක් යැවූ සුපිරි ඕවරයේ පන්දු 5 කදී ලකුණු 8 ක් රැස්කළ ඬේවිඞ් වයිස් කොමිලා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වොරියර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 140 ක් ලබාගත් අතර එහිදී කොමිලා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් නායක උපුල් තරංග පන්දු 31 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය.
කොමිලා වොරියර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 140
(උපුල් තරංග 45, සබීර් රහමන් 17, ඬේවිඞ් වයිස් 15, මිහිදුල් ඉස්ලාම් නොදැවී 19, ශර්ෆේන් රදර්ෆර්ඞ් 19/3, ඉබාදත් හොසේන් 33/3, සොහාග් ගාසි 23/2)
ශිලාත් තන්ඩර් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 140
(ශර්ෆේන් රදර්ෆර්ඞ් 15, සොහාග් ගාසි 52, නවීන් උල්හක් 15, මොනීර් හොසේන් 16, මුජිබුර් රෙහෙමාන් 12/4, අල් අමීන් හොසේන් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.