Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ට්‍රේල්‍‍බ්ලෙසර්ස් ක්‍රීඩිකාවෝ විස්සයි20 අභියෝගය ජයගනිති

ට්‍රේල්‍‍බ්ලෙසර්ස් ක්‍රීඩිකාවෝ විස්සයි20 අභියෝගය ජයගනිති

editorial - 2020 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමිත්‍රි මන්ධනාගේ නායකත්වයේ පිතිහරඹය ‍හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියට සමගාමීව සාජාහිදී පැවැති කාන්තා විස්සයි20 අභියෝග තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ට්‍රේල්‍‍බ්ලෙසර්ස් කණ්ඩායම සමත් විය.  ‍ඒ සඳුදා (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී  සුපර්නෝවාස් කණ්ඩායම එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය සුපර්නෝවාස් කණ්ඩායමට සල්මා ඛාතුන් සහ දීප්ති ශර්මා ප්‍රමුඛ ට්‍රේල්‍‍බ්ලෙසර්ස් පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 102 ක් පමණි. සල්මා ලකුණු 18 කට කඩුලු 3 ක්ද, දීප්ති ලකුණු 09 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් සුපර්නෝවාස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහර කළහ.

සුපර්නෝවාස් ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ නායිකා හර්මන්ප්‍රීත් කෞර් පන්දු 36 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වුවද, ඇයට සිය කණ්ඩයම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි වූවාය. එහිදී ශෂිකලා සිරිවර්ධන පන්දු 18 කින් ලකුණු 19 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.

මූලික වටයේ තරග දෙකේදී පිළිවෙලින් ලකුණු 44 ක් සහ 67 ක් රැස්කළ ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තු මෙම තරගයේදී ලකුණු 6 කට දැවීයෑමද සුපර්නෝවාස් කණ්ඩායමට විශාල පාඩුවක් විය. දෙවැනි තරගයේදී චමරි සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ප්‍රියා පූනියාට අවසන් මහ තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් පවා අහිමිවී තිබිණ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ට්‍රේල්‍‍බ්ලෙසර්ස් ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 118 ක් ලබාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායිකා සමිත්‍රි මන්ධනා පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකණු 68 ක් රැස්කළාය. ඩීන්ඩ්‍රා ඩොටින් (20) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මන්ධනා සමත් වූවාය.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ රාධා යාදව් සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කරමිනි කඩුලු 5 ක් දවාගත්තාය. ඉන් කඩුලු 3 ක්ම ඇය දවාගත්තේ ට්‍රේල්‍‍බ්ලෙසර්ස් ඉනිමේ අවසන් ඕවරය තුළදීය. මෙම තරගයේදී මෙන්ම සුපර්නෝවාස් කණ්ඩායම සහභාගි වූ මූලික වටයේ දෙවැනි තරගයේදීද දැක්වූ දක්ෂතා හේතුවෙන් රාධා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

ට්‍රේල්‍‍බ්ලෙසර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 118

(ඩීන්ඩ්‍රා ඩොටින් 20, සමිත්‍රි මන්ධනා 68, රාධා යාදව් 16/5)

සුපර්නෝවාස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 102

(ටානියා භාතියා 14, හර්මන්ප්‍රීත් කෞර් 30, ශෂිකලා සිරිවර්ධන 19, සල්මා ඛාතුන් 18/3, දීප්ති ශර්මා 09/2) 

-036


අදහස් (0)

ට්‍රේල්‍‍බ්ලෙසර්ස් ක්‍රීඩිකාවෝ විස්සයි20 අභියෝගය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.