Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු නායක ජෝ රූට් ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත් වූ එංගලන්තය, ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගත්තේය. තරගයේ සිව්වැනි දිනය වූ අද (05 වැනිදා) පෙරවරුවේදීම, ලකුණු 277 ක ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය එංගලන්ත කණ්ඩායම, සිය අලුත් නායකයා වන බෙන් ස්ටෝස්ට මංගල තරගයේදීම ජයග්‍රහණය අත්කර දුන්නේය.
තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.
ටෙස්ට් ලකුණු 10,000 කඩයිම පසුකර ගිය ලෝකයේ 14 වැනි පිතිකරුවා ලෙසින් ක්‍රිකට් වාර්තා පොතට එක්වූ ජෝ රූට්, තරගය නිමා කළේ නොදැවී ලකුණු 115 ක් ලබාගනිමිනි. රූට් සහ කඩුලු රකින්නා වන බෙන් ෆෝක්ස් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 120 ක් විය. එහෙත් මෙම සම්බන්ධතාවට ෆෝක්ස්ගේ දායකත්වය වූයේ ලකුණු 32 ක් පමණි.
සිව්වැනි ඉනිමේදී, ලකුණු 277 ක ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත පිලේ කඩුලු 4 ක් ලකුණු 69 කට බිඳ වැටිණ. එම අවස්ථාවේදී එක්වූ හිටපු නායකයා සහ වත්මන් නායකයා වන බෙන් ස්ටෝක්ස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පැය දෙකකට වැඩි කාලයක් පිටියේ රැඳුණු ස්ටෝක්ස් ලකුණු 54 කට දැවී ගියද, දිගටම තම ඉනිම දිගුකළ ජෝ රූට්, පැය පහමාරකට ආසන්න කාලයක් පිටියේ සිටිමින් එංගලන්තය ජයටැඹ කරා ගෙන ගියේය.
ස්ටෝක්ස් දැවීයාමෙන් පසුව එංගලන්ත පිලේ බර කරට ගත් රූට්, කඩුලු රකින්නා සමගින් එක්ව ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත්, එම ලකුණු 120 න් 81 ක්ම රූට් විසින් එකතු කරන ලදි.
අද තරගය ආරම්භ කරන විට එංගලන්ත ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 61 ක් පමණි. පෙරවරුවේදී තරමක් ශීතල ස්වභාවයක් පැවැති නමුත් එයින් වාසියක් ලබාගැනීමට නවසීලන්ත මඳ වේග පන්දු යවන්නෝ අපොහොසත් වූහ. අඩි 6 අඟල් 8 ක් උස කයිල් ජැමීසන් කඩුලු 4 ක් දවාගත් නමුත්, ජෝ රූට් සහ ෆෝක්ස් දෙදෙනා කිසිම අපහසුතාවකින් තොරව තමන්ගේ ඉලක්කය කරා ගියහ.
මෙම ලකුණු 115, ජෝ රූට්ගේ 26 වැනි ටෙස්ට් ශතකය වූවත්, ඔහු තරගයක සිව්වැනි ඉනිමේදී ලබාගත් පළමුවැන්නද එය විය.
මේ වසරේදී කොදෙව් පිල හමුවේ ලද පරාජය හේතුවෙන් ජෝ රූට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ නමුත් එංගලන්ත ටෙස්ට් පිලේ ජෝ රූට් යනු ප්‍රබල සාධකයකි.
එංගලන්තය සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන සිකුරාදා නොටිංහැම්හිදී ආරම්භ වෙයි.
නවසීලන්තය - පළමු ඉනිම 132 යි
එංගලන්තය - පළමු ඉනිම 141 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම 285 යි
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 5 ට 279 යි
(ඇලෙක්ස් ලීස් 20, ඔලී පෝප් 10, ජෝ රූට් නොදැවී 115, ජොනී බෙයාර්ස්ටෝ 16, බෙන් ස්ටෝක්ස් 54, බෙන් ෆෝක්ස් නොදැවී 32, කයිල් ජැමීසන් 79/4)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.