Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජෙකොබ් - ස්කො‍ට් නවසීලන්තයට ජය ගෙනෙති

ජෙකොබ් - ස්කො‍ට් නවසීලන්තයට ජය ගෙනෙති

editorial - 2020 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ජෙකොබ් ඩෆීගේ සහ ස්කො‍ට් කුගිලීජන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5 ක් ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ (18 වැනිදා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ කඩුලු 5 ක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. ජේම්ස් නීෂම් පන්දු 10 කදී හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද, මිචෙල් සෑන්ට්නර් පන්දු 8 කදී හයේ පහරක් සමග නොදැවී ලකුණු 12 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ආරම්භක පිතිකරු ටිම් සෙයිෆර්ට් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 57 ක් රැස්කළ අතර ග්ලේන් පිලිප්ස් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද, මාක් චැප්මන් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට ජෙකොබ් ඩෆීගේ සහ ස්කො‍ට් කුගිලීජන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. ජෙකොබ් ලකුණු 33 කට කඩුලු 4 ක්ද, ස්කොට් ලකුණු 27 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පාකිස්තාන පිතිකරුවන් අසරණ කළහ.
 
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ශදාබ් ඛාන් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය. අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ෆාහීම් අෂ්රෆ් පන්දු 18 කදී වේගවත් ලකුණු 31 ක් රැස්කළේද හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
 
 
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 9 කට 153
(මොහොමඩ් රිස්වාන් 17, ශදාබ් ඛාන් 42, කුෂ්දිල් ෂා 16, ඉමාඩ් වසීම් 19, ෆාහීම් අෂ්රෆ් 31, ජෙකොබ් ඩෆී 33/4, ස්කො‍ට් කුගිලීජන් 27/3)

නවසීලන්තය - ඕවර 18.5 කදී කඩුලු 5 කට 156
(ටිම් සෙයිෆර්ට් 57, ග්ලේන් පිලිප්ස් 23, මාක් චැප්මන් 34, ජේම්ස් නීෂම් නොදැවී 15, මිචෙල් සෑන්ට්නර් නොදැවි 12, හාරිස් රවුෆ් 29/3, ශහීන් අෆ්රිඩි 27/2)

 
- 036

 


අදහස් (0)

ජෙකොබ් - ස්කො‍ට් නවසීලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.