Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
එක්දින සහ විශේෂයෙන්ම විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම් වලට අවශ්‍ය ප්‍රවේගකාරී ලකුණු ලබාගන්නන්ට පුහුණු වැඩමුළුවක් පැවැත්වීම සඳහා විශේෂඥ දැනුමක් සහිත පුහුණුකරුවකු වන ජූලියන් වුඩ් මහතාගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
පිරිමි සහ කාන්තා ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිතිහරඹයට අදාළව ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ජූලියන් වුඩ් මහතාගේ සේවය ලබාගැනේ.
ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ශිල්පීය නිපුණතා සහ ජෛවතාක්‍ෂණික ක්‍රමෝපායයන් මිශ්‍ර කරමින් පන්දුවට පහර දීමේ ශිල්පය වැඩිදියුණු කෙරේ. අඩු පන්දු සංඛ්‍යාවකින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමත්, පන්දුවට පහර දීමේදී පිටියේ හැකි තරම් ඈතට පන්දුව ඉහළින් යොමු කිරීමත් මෙම පුහුණු ක්‍රමවේදයේ මූලික අපේක්‍ෂා වෙයි.
පිතිකරුවන්ගේ ජව සම්පන්න පහර දීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ජූලියන් වුඩ් මහතා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සමග සමීපව කටයුතු කරනු ඇත.
“ජව සම්පන්න පහර වර්ධනය කිරීමේ වැඩසටහන” ලෙසින් හැඳින්වෙන මෙම තාක්‍ෂණයේ නිර්මාතෘවරයා වශයෙන් ජූලියන් වුඩ් මහතා සැලකේ. ඔහු එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළ වමත් පිතිකරුවෙකි.
කලක් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සමගින් කටයුතු කළ ජූලියන් වුඩ් මහතා ග්ලෝස්ටර්ෂයර්, හැම්ප්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් යන ප්‍රාන්තවල ක්‍රීඩකයන්ගේත් ජව සම්පන්නව පහර දීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කර තිබේ. අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ පිතිකරුවන් සමගද ඔහු සමීපව කටයුතු කර ඇත.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙන්ම 2026 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ජූලියන් වුඩ් මහතාගේ සේවය ලබාගැනේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.