Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගුජරාට් ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති
අයි.පී.එල්. - 2024

ගුජරාට් ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

editorial - 2024 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප්‍රීමිර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ (21 වැනිදා) චන්දිගර් නුවරදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. ගුජරාට් ක්‍රීඩකයන් ලැබූ සිවුවැනි ජය මෙය වූ අතර පන්ජාබ් ක්‍රීඩකයන් ලැබූ 6 වැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය ගුරාජට් ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. නායක ශුබ්මන් ගිල් පන්දු 29 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර රාහුල් තේවතියා පන්දු 18 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 ක් ලබාගත් අතර පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ප්‍රභාසිම්රන් සිං පන්දු 21 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සායි කිෂෝර් ඕවර 4 ක් යවමින් ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් අතර පන්ජාබ් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නූර් අහමඩ් සහ මෝහිත් ශර්මා කඩුලු 2 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 142
(සෑම් කරන් 20, ප්‍රභාසිම්රන් සිං 35, හර්ප්‍රීත් බ්‍රාර් 29, සායි කිෂෝර් 33/4, නූර් අහමඩ් 20/2, මෝහිත් ශර්මා 32/2)

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 7 ක් දැවී 146
(ශුබ්මන් ගිල් 35, සායි සුධර්සන් 31, රාහුල් තේවතියා නොදැවී 36, හර්ෂාල් පටේල් 15/3, ලයෑම් ලිවිංග්ස්ටන් 19/2)

 


අදහස් (0)

ගුජරාට් ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.