Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගින්දරත් එක්ක සෙල්ලම් ගින්දරෙන්ම
නවසීලන්ත සංචාරය

ගින්දරත් එක්ක සෙල්ලම් ගින්දරෙන්ම

editorial - 2023 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

එංගලන්තය පරාජය කිරීමෙන් උද්දාමයට පත්ව සිටින නවසීලන්ත ක්‍රීඩකයන් හැකි උපරිම ආකාරයෙන් තමන්ගේ ගෙල සිරකිරීමට මාන බලනු ඇති බවත් “ගින්දරත් සමග සෙල්ලම ගින්දරෙන්ම” කළ යුතු බවත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි.

නවසීලන්තයට එරෙහිව ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පොරතුව ඇන්ජලෝ මැතිව්ස් වාර්තාකරුවන් හමුවේ එසේ පැවසීය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටියේදී හෙට (09 වැනිදා) ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාව වන්නේ නවසීලන්තය 2-0 කින් පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමයි. එහෙත් ඒ සඳහා ඕස්ටේ්‍රලියානුවන්ට එරෙහිව අහමදාබාද් නුවරදී හෙට ආරම්භ වන ටෙස්ට් තරගයේදී ඉන්දීය පිලට ජය අහිමි විය යුතුව තිබේ.

වසර 40 ක ඉතිහාසය පුරාම, ශ්‍රී ලංකාව නවසීලන්තයේදී ටෙස්ට් තරග දෙකක් ජයගෙන නැත. ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගත්තේ 2006 දී වූවත් එවර තරගාවලිය 1-1 ක් ලෙසින් සමවිය.

“නවසීලන්තය නවසීලන්තයේදීම පරාජය කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඒත් අන්තිම වතාවට අපි මෙහි ආ වෙලාවේදීත් අපි හොඳින් සෙල්ලම් කළා” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, නවසීලන්තයේදී අවසන් වරට පැවැති 2019 තරගාවලියේදී මැතිව්ස් ශතකයක් ලබාගත්නමුත් ශ්‍රී ලංකාව 1-0 ක පරාජයක් ලැබීය.

“ගින්දරත් එක්ක  සෙල්ලම් කරන්න ඕනේ ගින්දරෙන්ම තමයි”

“මොකද, ඒ ගොල්ලන් කොහොමත් හැකි උපරිම ආකාරයෙන් අපිව තලන්න තමයි බලන්නේ” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකාවේදී නම් දඟ පන්දු යවන්නන්ගෙන් කණ්ඩායම පුරවා දමන සංචාරකයෝ මෙවර වේග පන්දු යවන්නන් හය දෙකනුම නවසීලන්තයට කැඳවාගෙන ගොස් සිටිති. එහෙත් ඔවුන්ගෙන් කිසිවකු නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැත.

අනෙක අතට එංගලන්තයත් සමගින් පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගත් ටිම් සවුතිගේ නවසීලන්ත කණ්ඩායම රැකගත්තේ 2017 සිටම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන, මව්බිමේ අපරාජිත වාර්තාවයි.

නවසීලන්ත නායක ටිම් සවුති පවසන්නේ තමන්ගේ කණ්ඩායම තරගය ආරම්භ වන තුරු නොයිවසිල්ලෙන් සිටින බවකි.

“ඒ වගේ හැඟීමක් අපට කාලෙකින් දැනුණේ නෑ.. ඒත් දැන් ඒක තියෙනවා. ඒ තත්ත්වය ලබන සතියටත් පවතීවි කියලා විශ්වාස කරනවා” යයි ටිම් සවුති පැවසීය.

මේ අතර ක්‍රයිස්ට්චර්ච් නුවරට වර්ෂාව ඇතිවන බවටත් අනාවැකි පළවී තිබේ.


- අන්තර්ජාතික වාර්තා ඇසුරිනි

 


අදහස් (0)

ගින්දරත් එක්ක සෙල්ලම් ගින්දරෙන්ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.