Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොරෝනා නිසා ක්‍රිකට් තරගය අතරමග නවතී

කොරෝනා නිසා ක්‍රිකට් තරගය අතරමග නවතී

editorial - 2020 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට අයත් ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත් ටයිටන්ස් සහ ඩොල්ෆින්ස් කණ්ඩායම් අතර දින හතරක දේශීය තරඟයක් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඩොල්ෆින් කණ්ඩායමේ ක්‍රීඩකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් දෙවැනි දිනයේදී තරගය අත්හිටුවා ඇත.

මෙම තරගය පැවැත්වී ඇත්තේ ද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත සෙන්චූරියන්හි සුපර් ස්පෝට්ස් උද්‍යාන පිටියේදිය. මේ වනවිට කණ්ඩායම් දෙකම පරීක්‍ෂණයට ලක්කර ඇත.

“අපේ දේශීය ක්‍රිකට් තරග වල ක්‍රීඩකයන් විශාල ආරක්‍ෂිත බුබුලක ක්‍රීඩා කරන්නේ නෑ. එය ලොව වෙනත් රටවල පැවැත්වෙන ක්‍රිකට් වැනි වෙනත් බොහෝ තරඟාවලි වලට සමානයි. නමුත් අපි පිළිපැදිය යුතු දැඩි කොවිඞ් -19 ආරක්ෂිත නියමයන් අප සතුව තියෙනවා,” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ෂුයිබ් මන්ජ්‍රා මහතා පවසා ඇත.

“ඩර්බන් වෙත ආපසු යාමට පෙර සියලු ඩොල්ෆින් ක්‍රීඩකයින්ව සෙන්චූරියන් හිදී නිරෝධායනය කිරීමට අවශ්‍ය දැයි අපි පරීක්ෂා කර බලනවා. අපි ටයිටන්ස් ක්‍රීඩකයින්වත් පරීක්ෂා කරනවා. දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට අයත් ක්‍රීඩකයන් ගණනාවක් මෙම කණ්ඩායම් දෙක සතුව ඉන්නවා,” යැයි මන්ජ්‍රා මහතා පැවසීය.

පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර තරග 3 කින් සමන්විත එක්දින තරඟාවලියද කොරෝනා වයිරස් සිද්ධීන් කිහිපයක් වාර්තා වීමෙන් පසුව අතහැර දමන ලදි. කෙසේ වෙතත්, දෙසැම්බර් 26 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවට කොරෝනා වයිරස් ආසාධිතයන් මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බව මන්ජ්‍රා මහතා විශ්වාස කරයි.

“මම හිතන්නේ නැහැ එය ශ්‍රී ලංකාව සමග තියෙන තරගමාලාවට බලපායි කියාලා, නමුත් තීරණයක් ගැනීමට අපට බලා සිටීමට සිදුවෙනවා,” යැයි මන්ජ්‍රා මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17 වනිදා) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය. ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සහ සෞඛ්‍ය විශේෂඥයෙකු මේ වන විටත් දකුණු අප්‍රිකාව බලා ගොස් සිටින අතර ඔවුන් තත්වය තවදුරටත් තක්සේරු කර කණ්ඩායමේ පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇත.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 සිට සෙන්චූරියන් හිදී පැවැත්වෙන අතර දෙවන තරගය ජනවාරි 3 වනදා ජොහැන්නස්බර්ග්හිදී ආරම්භ වීමට නියමිතව ඇත.
 
- 2079
 

 


අදහස් (0)

කොරෝනා නිසා ක්‍රිකට් තරගය අතරමග නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.