Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කාන්තා එල්.පී.එල්. තරගාවලියක්

කාන්තා එල්.පී.එල්. තරගාවලියක්

editorial - 2021 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය සංවිධානය කිරීමට පෙර විදෙස් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කාන්තා විස්සයි20 ලීග් තරඟාවලියක් ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් සිටී. මෙම තරඟාවලිය කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් දින 10 ක් පුරා දඹුල්ලේදී හෝ පල්ලෙකැලේදී ජෛව බුබුලක් තුළ පැවැත්වීමට නියමිතව ඇත.

ක්‍රිකට් ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් යන අංශ දෙකින්ම විදේශීය කුසලතා ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන නමුත් එය සිතන තරම් පහසු කටයුත්තක් නොවනු ඇත.

”විදේශීය ක්‍රීඩකයින් නොමැති වුවද, අපි දේශීය ක්‍රීඩිකාවන් සමඟ ඉදිරියට යනවා... විදේශීය පුහුණුකරුවන් සම්බන්ධයෙන් ගත් කල, කණ්ඩායම් හිමිකරුවන්වන්ගෙන් ලැබෙන දීමනා මත ඔවුන්ගේ සහභාගීත්වය රඳා පවතී.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

තරගාවලිය ආරම්භයට පෙර කණ්ඩායම් මිලදී ගැනීම සඳහා හිමිකරුවන්ද, තරඟාවලිය සඳහා අනුග්‍රාහකයන්ද, ක්‍රීඩා අලෙවිකරණ/කළමනාකරණ ආයතනයක් සොයා ගැනීම සඳහාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වීම් පළ කර තිබුණි.

කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ක්‍රිකට් ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වූ කටයුතු අතපසු වී තිබිණ. පසුගිය වසරේ (2020) පෙබරවාරි සහ මාර්තු මාසවල පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර නොමැත.

පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වීට තිබූ එක්දින ලෝක කුසලාන - සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියද සිම්බාබ්වේ වෙත ගෙන ගොස් ඇති අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඒ සඳහා සහභාගී වීමට නියමිතය.

 


අදහස් (0)

කාන්තා එල්.පී.එල්. තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.