Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ක්‍රීඩකයෝ 590 ක් වෙන්දේසියේ

ක්‍රීඩකයෝ 590 ක් වෙන්දේසියේ

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැවැන්ත මුදල් කන්දරාවක් හුවමාරු වන ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 15 වැනි තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය 12 සහ 13 දිනයන් වල බැංගලෝර්හිදී පැවැත්වේ.හිටපු කණ්ඩායම් 8 ට අමතරව අහ්මදාබාද් සහ ලක්නව් නගර මූලික කරගත් තවත් කණ්ඩායම් 2 ක් තරගාවලියට එක්වීමත් සමගින් තරගාවලිය තවත් තරගකාරී වනු ඇත.

ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුව සඳහා ක්‍රීඩකයන් 590 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඊට ජාත්‍යන්තර වරම් හිමිකරගත් ක්‍රීඩකයන් 228 ක් ද, ජාත්‍යන්තර වරම් හිමිකර නොගත් ක්‍රීඩකයන් 355 ක් සහ පූර්ණ සාමාජිකත්වය හිමිනොවූ රටවල් වලින් ක්‍රීඩකයන් 7 දෙනෙකුද ඉදිරිපත්වීමට නියමිතය.

ඉන්දීය ක්‍රීඩකයන් 370 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 220 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුව සඳහා තෝරාගත් ක්‍රීඩකයන් 590 දෙනාට ඇතුළත් වේ.
ඕස්ටේ්‍රලියාව (47), බටහිර ඉන්දීය කොදෙව් (34), දකුණු අප්‍රිකාව (33), එංගලන්තය (24), නවසීලන්තය (24), ශ්‍රී ලංකාව (23), ඇෆ්ගනිස්තානය (17), බංග්ලාදේශය (5), අයර්ලන්තය (5), නැමීබියාව (3), ස්කෝට්ලන්තය (2), සිම්බාබ්වේ (1), නේපාලය (1), ඇමරිකා එක්සත් ජනපදය (1) යන රටවලින් වෙන්දේසිය සඳහා ක්‍රීඩකයෝ ඉදිරිපත්ව සිටිති.

වනිඳු හසරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන, කුසල් පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චාමික කරුණාරත්න, දසුන් ශානක, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ලක්ෂාන් සහ සීක්කුගේ ප්‍රසන්න, මතීෂ පතිරණ, කෙවින් කොත්තිගොඩ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුවට තේරී පත්වු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්වේ.

හුවමාරුවන දැවැන්ත මුදල් කන්දරාවට අමතරව තරගාවලියට එක්වන ක්‍රීඩකයන්ටද දැවැන්ත මුදල් ප්‍රමාණයකට හිමිකම් කීමට අවස්ථාවක් හමුවනු ඇත.

ඉහළම ලංසුව වූ ඉන්දීය රුපියල් කෝටී 2 ක ලංසුව සඳහා ක්‍රීඩකයන් 48 දෙනෙකු, ඉන්දීය රුපියල් කෝටී 1.5 ක ලංසුව සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ ඉන්දීය රුපියල් කෝටීයක ලංසුව සඳහා ක්‍රීඩකයන් 34 දෙනෙකුද නම්කර ඇත. ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක ලංසුව සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙක්ද, ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක ලංසුව සඳහා ක්‍රීඩකයන් 104 දෙනෙක්ද, ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක ලංසුව සඳහා ක්‍රීඩකයන් 17 දෙනෙක්ද, ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක ලංසුව සඳහා ක්‍රීඩකයන් 9 දෙනෙක්ද, ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක ලංසුව සඳහා ක්‍රීඩකයන් 333 දෙනෙක්ද ඇතුළත් වේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් තුළ රඳවා ගැනීමට හැකි උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව 4 දක්වා අඩුකර ඇත. එමෙන්ම කණ්ඩායමේ රඳවා ගන්නා ක්‍රීඩකයන් සහ වෙන්දේසියෙන් මිලදී ගන්නා ක්‍රීඩකයන් වෙනුවෙන් එක් කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය ඉන්දිය රුපියල් කෝටි 90 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 244 ක මුදලක්) දක්වා ඉහළ දැමීමටද තරගාවලි සංවිධායකයන් පියවර ගෙන තිබේ.

චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල් යන කණ්ඩායම් උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව වූ 4 ක් රඳවා ගන්නා විට සන්රයිසස් හයිද්‍රාබාද්, රාජස්තාන් රෝයල්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් ක්‍රීඩකයන් 3 බැගින්ද, පන්ජාබ් කණ්ඩායම ක්‍රීඩකයන් 2 දෙනෙකු රඳවා ගෙන ඇත.

කලින් තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 8 විසින් ක්‍රීඩකයන් 27 දෙනෙකු රඳවාගන්නා විට අලුතින් තරගාවලියට එක්වූ අහ්මදාබාද් සහ ලක්නව් කණ්ඩායම් ක්‍රීඩකයන් තිදෙනා බැගින් මිලදී ගෙන ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 48 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 21 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත.
ඉන්දීය රුපියල් කෝටී 16 කට රවින්ද්‍ර ජදේජා, ඉන්දීය රුපියල් කෝටී 12 කට මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දීය රුපියල් කෝටී 8 කට මොයින් අලී සහ ඉන්දීය රුපියල් කෝටී 6 කට රුතුරාජ් ගයික්වාඩ් රදවා ගැනීමට චෙන්නායි පිල තීරණය කර ඇත. සිව් වරක් චෙන්නායි පිලට ශූරතාව දිනා දීමට නායකත්වය දුන් මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායකත්වය දරන අවසන් වසර වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

දිල්ලි කැපිටල් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 47.5 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 21 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටී 16 කට, අක්සාර් පතෙල් ඉන්දීය රුපියල් කෝටී 9 කට, ප්‍රිත්වි ෂෝ ඉන්දීය රුපියල් කෝටී 7.5 කට සහ ඇන්රිච් නොකියා ඉන්දීය රුපියල් කෝටී 6.5 කට රඳවාගෙන ඇත. පසුගිය වසරේ නිත්‍ය නායකයා වූ ශ්‍රීයාස් අය්යර් ආබාධයක් හේතුවෙන් ඉවත් අතර පසුව නායකත්වය පත්වූ රිෂාබ් පාන්ට්ට මෙවරත් නායකත්වය හිමිව ඇත. හිටපු නායක ශ්‍රීයාස් අය්යර් කණ්ඩායමෙන් මුදාහරින ලදී.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 48 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 21 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත.

ඔන්ඩි්‍ර රසල් ඉන්දීය රුපියල් කෝටී 12 කට, වරුන් චක්‍රවර්ති ඉන්දීය රුපියල් කෝටී 8 කට, වෙන්කටේෂ් අයියර් ඉන්දීය රුපියල් කෝටී 8 කට සහ සුනිල් නරේන් ඉන්දීය රුපියල් කෝටී 6 කට රඳවා ගැනීමට කොල්කටා හිමිකරුවෝ තීරණය කළහ. දෙවරක් ශූරතාව දිනාගෙන ඇති කොල්කටා පිල මෙවර මෙහෙයවීමේ වගකීම මෙවර ඔන්ඩි්‍ර රසල්ට හිමිවේ. හිටපු නායක ඔයින් මෝගන් සහ උපනායක දිනේෂ් කාර්තික් කණ්ඩායමෙන් නිදහස් කර ඇත.

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 59 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 22 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. ලෝකේෂ් රාහුල් ඉන්දීය රුපියල් කෝටී 17 කට, මාකස් ස්ටොයිනිස් ඉන්දීය රුපියල් කෝටී 9.2 කට සහ රවී බිෂ්නෝයි ඉන්දීය රුපියල් කෝටී 4 කට ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත. ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ නායකත්වයට ලෝකේෂ් රාහුල් පත්කර ඇත.

මුම්බායි ඉන්දියන්ස් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 48 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 21 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. රෝහිත් ෂර්මා ඉන්දීය රුපියල් කෝටී 16 කටත්, ජස්ප්‍රීට් බුම්රා ඉන්දීය රුපියල් කෝටී 12 කටත්, සූර්යකුමාර් යාදව් ඉන්දීය රුපියල් කෝටී 8 කට සහ කරන් පොලාඩ් ඉන්දීය රුපියල් කෝටී 6 කටත් රඳවාගෙන ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ශූරතා ගණනක් (5) දිනා දුන් නායකයා වූ රෝහිත් ෂර්මා තවදුරටත් මුම්බායි පිලේ නායකත්වය දරනු ඇත.

පංජාබ් කිංග්ස් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 72 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 8 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 23 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. මයන්ක් අගර්වාල් ඉන්දීය රුපියල් කෝටී 14 කටත්, අර්ෂ්දීප් සිං ඉන්දීය රුපියල් කෝටී 4 කට රැඳවා ගැනීමට පංජාබ් කිංග්ස් හිමිකරුවෝ තීරණය කළහ. මයන්ක් අගර්වාල් විසින් කණ්ඩායම මෙහෙයනු ඇති බවට පුහුණුකරු අනිල් කුම්බල් මහතා විසින් තහවුරු කර ඇත.

රාජස්තාන් රෝයල් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 62 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 22 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. ඉන්දීය රුපියල් කෝටී 14කට සංජු සැම්සන්, ඉන්දීය රුපියල් කෝටී 10 කට ජොස් බට්ලර්, ඉන්දීය රුපියල් කෝටී 4 කට යසස්වී ජයිස්වාල්ද රඳවා ගෙන ඇත. සංජු සැම්සන් විසින් මෙවර තරගාවලියේදී රාජස්තාන් රෝයල් පිල මෙහෙයවනු ඇත.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 57 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 22 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. විරාට් කෝලී ඉන්දීය රුපියල් කෝටී 15 කටත්, ග්ලෙන් මැක්ස්වෙල් ඉන්දීය රුපියල් කෝටී 11 කට සහ මොහොමඩ් සිරාජ් ඉන්දීය රුපියල් කෝටී 7 කටත් රඳවා ගෙන ඇත. විරාට් කෝලී නායකත්වයෙන් ඉවත්වී ඇති අතර ඒ.බී ඩිවිලියර්ස් ක්‍රීඩාවෙන් සමුගෙන ඇත. එබැවින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල මෙහෙයවීමේ වගකීම ග්ලෙන් මැක්ස්වෙල්ට හෝ වෙනත් ක්‍රීඩකයකුට හිමිවීමට අවස්ථාව ඇත.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 68 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 22 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. කේන් විලියම්සන් ඉන්දීය රුපියල් කෝටී 14 කටත්, අබ්දුල් සමාද් ඉන්දීය රුපියල් කෝටී 4 කටත්, උම්රන් මලික් ඉන්දීය රුපියල් කෝටී 4 කටත් රඳවා ගෙන ඇත. පසුගිය තරගාවලිය අතරතුරු ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් ඉවත් කර කේන් විලියම්සන්ට නායකත්වය ලබාදුන් අතර ඔහු මෙවර තරගාවලියේදීත් සන්රයිසස් හයිද්‍රාබාද් පිල මෙහෙයවනු ඇත.

අහ්මදාබාද් පිල සතුව තවත් ඉන්දීය රුපියල් කෝටී 52 ක් ඉතිරිව ඇති අතර විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 22 දෙනෙකු මිලදී ගැනීමට අවස්ථාව ඇත. හර්දික් පාණ්ඩ්‍ය ඉන්දීය රුපියල් කෝටී 15 කට, රෂීඩ් ඛාන් ඉන්දීය රුපියල් කෝටී 15 කට සහ ශුබ්මන් ගිල් ඉන්දීය රුපියල් කෝටී 8 කටත් අහ්මදාබාද් කණ්ඩායම් විසින් මිලදී ගෙන ඇත. හර්දික් පාණ්ඩ්‍ය අහ්මදාබාද් පිලේ නායකයා ලෙස පත්කර ඇත.


- 2079

 


අදහස් (0)

ක්‍රීඩකයෝ 590 ක් වෙන්දේසියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.