Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකත්වය ප්‍රියන්ජන්ට

ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකත්වය ප්‍රියන්ජන්ට

editorial - 2019 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී මේ මස 29 වැනිදා පැවැත්වෙන විස්සයි20 පෙරහුරු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක අෂාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.

ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන අතර භානුක රාජපක්ෂ කණ්ඩායමට ඇතුළත්ව සිටින ප්‍රභල පිතිකරුවෙකි.

ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංග දඟ පන්දු යවන තුන් ඉරියවු ක්‍රීඩකයන් ලෙසත්, දසුන් ශානක සහ ළහිරු මධුෂංක වේග පන්දු යවන තුන් ඉරියවු ක්‍රීඩකයන් ලෙසත් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

නුවන් ප්‍රදීප් සහ කසුන් රාජිත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කරන අතර කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම විශේෂඥ දඟ පන්දු යවන්නා වන්නේ ලක්ෂාන් සඳකැන්ය.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම
අෂාන් ප්‍රියන්ජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ළහිරු මධුෂංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත

-036

 


අදහස් (0)

ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකත්වය ප්‍රියන්ජන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.