Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කලිස් - බව්චර් පුහුණු කාර්ය මණ්ඩලයට

කලිස් - බව්චර් පුහුණු කාර්ය මණ්ඩලයට

editorial - 2019 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර සිය පුහුණුකරුවන් ශක්තිමත් කිරීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා ලෙස ජැක් කලිස් පත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සංචාරක එංගලන්ත පිල සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වන දා සෙන්චූරියන් හිදී ආරම්භ වේ.

මේ වනවිට 44 වන වියෙහි පසුවන කලිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා වේ. ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 165 කට ක්‍රීඩා කර ඇත.

2013 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් කලිස්, වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ  ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන්නේය. ටෙස්ට් ලකුණු 13,289 ක් ලබාගෙන ඇති කලිස්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 55.37 කි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ මාර්ක් බබ්චර්ගේ ප්‍රධානත්වයෙන් යුත් පුහුණු කාර්ය මණ්ඩලයත් සමඟින් කලිස් සම්බන්ධ වීමට නියමිතව ඇත.

ටෙස්ට් තරග 146 කට ක්‍රීඩාකර ඇති මාක් බව්චර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් දෙවැනියට වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන අතර එක් වරක් ලෝක කණ්ඩායම සමගින්ද තරගයකට ක්‍රීඩා කළේය.

...

 


අදහස් (0)

කලිස් - බව්චර් පුහුණු කාර්ය මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.