Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව, ආර්ථික වශයෙන්, ඉතාමත් අසීරු අවස්ථාවකට මුහුණ දී සිටියදීත්, ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට මෙන්ම ඕස්ට්‍රේලියානු රජයටත් ස්තුති කළේය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සීමිත ඕවර සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පොරතුව, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති අද (06 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ඕස්ට්‍රේලියාවට සිය ස්තුතිය පළකර සිටියේය.
“අප සියලු දෙනාම දන්නවා මේ වෙලාවේ අපේ රට කොයි වගේ අසීරුතාවකට මුහුණ දීලා ඉන්නවාද කියලා. ඒ සියලු අසීරුතා තිබියදීත්, මෙම සංචාරය සම්බන්ධයෙන් මුල ඉඳලාම සහයෝගීව කටයුතු කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට වගේම ඕස්ට්‍රේලියානු රජයටත් අපි මහත් සේ ස්තුතිවන්න වෙනවා”
“විශේෂයෙන්ම, ලෝකයේ තවත් බොහෝ බලවත් රටවල්, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තම තමන්ගේ පුරවැසියන්ට අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබියදීත්, ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාව ආරක්‍ෂිත රටක් බවයි.
ඒක ලෝකය පුරාම යන, ඉතාම ප්‍රබල පණිවුඩයක්” යයි ද මොහාන් ද සිල්වා මහතා පැවසීය.
මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාමත් වාසිදායක එකක් වන බවද පැවසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා, මෙම තරගාවලියේ ප්‍රවේශපත් විකිණීමෙන් ලැබෙන සියලුම ආදායම, පවතින ආර්ථික තත්ත්වයන් යටතේ අපහසුතාවන්ට මුහුණ දී සිටින අයට පරිත්‍යාග කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට බාරදීමට පියවර ගන්නා බව ද ලේකම්වරයා පැවසීය.
ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සාර්ථකව අවසන් කිරීම මගින් ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදීම පැවැත්වීමේ අවස්ථාව ආරක්‍ෂා කරගැනීමත්, ඉන් පසුව පැවැත්වෙන පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා සංචාරය සහ එල්.පි.එල්. තරගාවලිය මගින් ශ්‍රී ලංකාවට තව තවත් ආදායම් ලබාගැනීමටත් උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.