Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමත් එයි
සිංහ - කැන්ගරු සටන

ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමත් එයි

editorial - 2022 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් එක්දින තරග දෙකකට සහ පළමු පෙළ තරග දෙකකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම අද (04 වැනිදා) අලුයම දිවයිනට පැමිණියේය. මෙම කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු තිලාන් සමරවීම මහතාත් පැමිණ සිටී. සමරවීර මහතා ඕස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි.

ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටියදීම ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ කිසියම් ආකාරයකින් අවශ්‍යතාවක් වුවහොත් එක්දින සහ ටෙස්ට් තරගාවලි සඳහා ‘ඒ’ කණ්ඩායමෙන් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු ජාතික සංචිතයට කැඳවා ගැනීම පිණිසය.

‘ඒ’ කණ්ඩායම යයි කීවද, එය සම්පූර්ණයෙන්ම පාහේ ටෙස්ට් කණ්ඩායමක් තරම් ශක්තිමත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමකි. ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් රැන්ෂෝ සහ ජායි රිචඩ්සන් වැන්නෝ එහි සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර නිල නොවන එක්දින තරගාවලිය 10 වැනිදා අවසන් වන අතර දෙපිල අතර නිල එක්දින තරගාවලිය 16 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වෙයි. දෙරට අතර නිල නොවන ටෙස්ට් තරගාවලිය ජූනි 24 දා අවසන් වන අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය අරඹෙන්නේ ජූනි 29 වැනිදාය.

නිල නොවන එක්දින තරගවලිය ආරම්භ කරමින් එක්දින තරග දෙක මේ මස 8 සහ 10 දිනවලදී කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි.


ඕස්ට්‍රේලියානු ‘ඒ’ සංචිතය
ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, ඒරන් හාඩි, මාකස් හැරිස්, ට්‍රැවිස් හෙඩ්, හෙන්රි හන්ට්, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් කූනේමන්, නික් මැඩින්සන්, ටොඩ් මර්ෆි, ජොෂ් පිලිප්, මැතිව් රැන්ෂෝ, ජායි රිචඩ්සන්, තන්වීර් සංඝා සහ මාක් ස්ටෙකටී


තරග කාලසටහන
ජූනි 8     : 1 වැනි නිල නොවන එක්දින තරගය එස්.එස්.සී. පිටියේදී
ජූනි 10     : 2 වැනි නිල නොවන එක්දින තරගය එස්.එස්.සී. පිටියේදී
ජූනි 14-17     : 1 වැනි නිල නොවන ටෙස්ට් තරගය සූරියවැවදී
ජූනි 21-24     : 2 වැනි නිල නොවන ටෙස්ට් තරගය සූරියවැවදී

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.