Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එක්දින - වි-20 තරග ඇරඹෙන වේලාවන් වෙනස්

එක්දින - වි-20 තරග ඇරඹෙන වේලාවන් වෙනස්

editorial - 2021 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලියේ ආරම්භක වේලාවන් වෙනස් කර තිබේ. 

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දිවා/රාත්‍රී තරගයක් ආරම්භ වන සාමාන්‍ය වේලාව පස්වරු 2.30 වුවද මෙවර පැවැත්වෙන ඉන්දු - ලංකා එක්දින තරගාවලියේ සියලුම තරග පස්වරු 3.00 ට ආරම්භ කෙරේ. මෙම තරග තුනම දිවා/රාත්‍රී තරග වෙයි. විස්සයි-20 තරග තුනම රාත්‍රී 8.00 ට ආරම්භ කිරීමට නියමිතය. 

විස්සයි-20 තරගයක් ආරම්භ වන සාමාන්‍ය වේලාව පස්වරු 7.00 ය. 

මෙම තරගාවලිය හෙට (13 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් තරගාවලිය දින කිහිපයකින් කල්දැමීමට සිදුවිය. ඒ අනුව තරග ආරම්භ කරන වේලාවන්ද වෙනස් කරන ලදි. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 23 වැනිදා ආරම්භ වීමත්, ඔලිම්පික් ක්‍රීඩා තරග විකාශය කෙරෙන වේලාවන් මඟහැර ක්‍රිකට් තරග නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව දීම සඳහාත් මෙවර තරගාවලියේදී එක්දින සහ විස්සයි-20 තරග ආරම්භ කෙරෙන වේලාවන් වෙනස් කර ඇතැයි දැනගන්නට තිබේ. 

තරගාවලියේ එක්දින තරග තුන මේ මස 18, 20 සහ 23 දිනවලදීත්, විස්සයි-20 තරග මේ මස 25, 27 සහ 29 දිනවලදීත් පැවැත්වේ. 

 


අදහස් (0)

එක්දින - වි-20 තරග ඇරඹෙන වේලාවන් වෙනස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.