Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (2 වැනිදා) තේ පානය සඳහා නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 178 ක් පසුපසින් සිටින අතර ඒ වන විට ජෝ රූට් ලකුණු 23 ක්ද, නායක බෙන් ස්ටෝක්ස් ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. තේ පානය සඳහා නතර කරන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 30 කි.
දෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 236 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූ නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 49 ක් පමණි. 84 වැනි ඕවරයේ පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් බිඳවැටීමත් සමග නවසීලන්ත දෙවැනි ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
හතරේ පහර 12 ක් සමග ශතකයක් ලබා සිටි ඩර්ලි මිචෙල් (108) පිටියෙන් ඉවත් කළ ස්ටුවට් බ්‍රෝඩ් එහිදී පළමු වෙඩිමුරය තැබීය. ඉන් අනතුරුව පිටියට පිවිසි කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් මුහුණුදුන් පළමු පන්දුවේදීම දුවද්දී දැවී යෑමකට හසුවිය. අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කයිල් ජැමීසන්ගේ කඩුල්ලද යොමු කළ පළමු පන්දුවෙන්ම බිඳදැමූ බ්‍රෝඩ් නවසීලන්ත කබලෙන් ලිපට ඇද දැමුවේය.
ශතකය පෙනි පෙනී සිටි ටොම් බ්ලන්ඩල් (98) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට ජේම්ස් ඇන්ඩසන් සමත් වීමත් සමග නවසීලන්ත කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටිණ. එහිදී මැටී පොට්ස් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 132
(ඩර්ලි මිචෙල් 13, ටොම් බ්ල්න්ඩල් 14, මැටී පොට්ස් 08/3, ජේම්ස් ඇන්ඩසන් 05/2)
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 141
(ඇලෙක්ස් ලීස් 25, සැක් ක්‍රොව්ලි 43, ටිම් සවුති 55/4, ටේරන්ට් බෝල්ට් 21/3, කයිල් ජැමීසන් 20/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 285
(ටොම් ලේතම් 14, කේන් විලියම්සන් 15, ඩර්ලි මිචෙල් 108, ටොම් බ්ලන්ඩල් 96, ටිම් සවුති 21, මැටි පොට්ස් 55/3, ස්ටුවට් බ්‍රෝඩ් 76/3, ජේම්ස් ඇන්ඩසන් 57/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 99
(ඇලෙක්ස් ලීස් 20, ජෝ රූට් නොදැවී 23, බෙන් ස්ටෝක්ස් නොදැවී 15)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.