Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි
ඉන්දීය පිලේ එංගලන්ත සංචාරය

එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

editorial - 2022 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රීස් ටොප්ලිගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දියාවට එරෙහිව ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද එංගලන්ත කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට රීසා ටොප්ලි ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 38.5 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. එහිදී සිය හොඳම එක්දින පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ටොප්ලි නිලකුණු ඕවර 2 ක් සමග ලකුණු 9.5 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 6 ක් බිඳහෙළුවේය.

ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 246 ක් ලබාගත්තේය. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මුයින් අලී පන්දු 64 කින් ලකුණු 47 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ඩේවිඩ් විලී පන්දු 49 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ යුස්වෙන්ද්‍ර චාහල් ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගත්තේය. හර්දීක් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් බිඳහෙළමින් එහිදී එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා චාහල් අනගි සහායක් දුන්හ.


එංගලන්තය - ඕවර 49 කදී සියලු දෙනා දැවී 246
(ජේසන් රෝයි 23, ජොනී බෙයාස්ටෝ 38, බෙන් ස්ටෝක්ස් 21, ලයෑම් ලිවිංග්ස්ටන් 33, මුයින් අලී 47, ඩේවිඩ් විලී 41, යුස්වේන්ද්‍ර චාහල් 47/4, හර්දීක් පාණ්ඩ්‍යා 28/2, ජස්ප්‍රීට් බුම්රා 49/2)

ඉන්දියාව - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 146
(විරාට් කෝලි 16, සූර්යකුමාර් යාදව් 27, හර්දීක් පාණ්ඩ්‍යා 29, රවින්ද්‍ර ජදේජා 29, මොහොමඩ් සාමි 23, රීස් ටොප්ලි 24/6)

 

-036

 


අදහස් (0)

එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.