Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දු - පාකිස්තාන පසමිතුරන්ගේ ගැටුම හෙට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඉන්දු - පාකිස්තාන පසමිතුරන්ගේ ගැටුම හෙට

editorial - 2023 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

‍මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම දෙනකුගේ අවදානය යොමුව තිබෙන තරගය වන ඉන්දු - පාකිස්තාන තරගය හෙට (14 වැනිදා) පස්වරු 2.00 සිට අහමදාබාද්හි ‍නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී දිවා - රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

කණ්ඩායම් දෙකම මූලික වටයේදී මේ දක්වා තරග 2 කට බැගින් ක්‍රීඩාකර ඇති අතර එම තරග දෙකේදීම ජය ලබා සිටියි. එහිදී ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්ථානය පරාජය කිරීමට ඉන්දියාවත්, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්ථානයත් සමත්ව ඇත.

අසනීප තත්වයක් හේතුවෙන් ඉන්දියාව ක්‍රීඩාකළ පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්, මෙම තරගයට සහභාගි වීමට සූදානමින් සිටින අතර ඒ සඳහා ඔහු තරගයට පෙර දිනයේදී පැවැති පුහුණු සැසියටද සහභාගි වී සිටියේය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ දක්වා එක්දින ලෝක කුසලාන තරග 7 ක් පැවැත්වී ඇති අතර එම තරග 7 හිම ජය ඉන්දියාව සතුවී තිබේ. ඉන් තරග 6 ක්ම ඔවුන් ජයගෙන ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමෙන් වීමද කැපී පෙනෙන සිදුවීමක් ලෙස දැක්විය හැකිය.

මේ වනවිට තරග‍යේ සියලුම ප්‍රවේශපත් අළෙවි වී අවසන් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ. එබැවින් ප්‍රේක්ෂකයන් 132,000 කට තරග නැරඹීම සඳහා ඉඩකඩ ඇති අහමදාබාද් ක්‍රීඩාංගණය අද දිනයේදී පිරී ඉතිරී යනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

පාකිස්තාන ක්‍රීඩකයන් කිසිවකු මින් පෙර අහමදාබාද් ක්‍රීඩාංගණයේදී තරගවැදී නැතිමුත්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග දෙකකට ගුවහටි ක්‍රීඩාංගණයේදීද, මූලික වටයේ තරග දෙකකට හයිද්‍රාබාද්හි ක්‍රීඩාංගණයේදී තරගවැදී ඇති බැවින් මේ වන විට ඔවුන්ට ඉන්දීය තණතිලිවල හැසිරීම පිළිබඳ යම් වැටහීමක් ඇතැයි අනුමාන කළ හැකිය.

හෙට තරගයට පෙර ඉන්දියාව ලකුණු 4 ක් ලබා 1.5 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේද, පාකිස්තානය ලකුණු 4 ක් ලබා 0.927 ක ශුද්ද ලකුණු වේගයක් රඳවාගනිමින් ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේද පසුවේ. ඒ අනුව අද තරගය ජයගන්නා කණ්ඩායමට ලකුණු සට‍හනේ පෙරමුණ ගැනීමටද අවස්ථාව උදාවනු ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වී ඇති එක්දින ලෝක කුසලාන තරග

  • 1992 වසරේ සිඩ්නිහිදී - ඉන්දියාවට ලකුණු 43 ක ජයක්
  • 1996 වසරේ බැංගලෝර්හිදී - ඉන්දියාවට ලකුණු 39 ක ජයක්
  • 1999 වසරේ මැන්චෙස්ටර්දී - ඉන්දියාවට ලකුණු 47 ක ජයක්
  • 2003 වසරේ සෙන්චූරියන්හිදී - ඉන්දියාවට කඩුලු 6 ක ජයක්
  • 2011 වසරේ මොහාලිදී - ඉන්දියාවට ලකුණු 29 ක ජයක්
  • 2015 වසරේ ඇඩිලේඩ්හිදී - ඉන්දියාවට ලකුණු 76 ක ජයක්
  • 2019 වසරේ මැන්‍චෙස්ටර්හිදී - ඉන්දියාවට ලකුණු 89 ක ජයක් (ඩක්වත් ලුවිස් න්‍යායට අනුව)

අදහස් (0)

ඉන්දු - පාකිස්තාන පසමිතුරන්ගේ ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.