Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාවේ ඉල්ලීමට ඉඩ

ඉන්දියාවේ ඉල්ලීමට ඉඩ

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිබෙන සීමිත කාලය තුල ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලිය පැවැත්වීමට හැකිවන පරිදි දින කිහිපයක් වෙනස් කරගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්) සංවිධායකයන්ගෙන් ඉල්ලා ඇත. තරගාවලි දෙක අතර විශාල ගැටුමක් ඇතිවීම වලක්වා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී පීට් රසල් මහතා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලිමට එකඟ වී තිබෙන අතර සී.පී.එල්. තරගාවලියේ දින වෙනස් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සහ එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දියාව මේ වන විට එංගලන්තයේ සිටින අතර ඔවුන් සැප්තැම්බර් මාසය වන විට නැවත ඉන්දියාවට පැමිණෙනු ඇත.

තරඟාවලි දෙකේ කාලසටහන් සකස් කිරීම පිළිබඳව කැරිබියානු ක්‍රිකට් බලධාරීන් විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා සමඟ සාකච්ඡා කර ඇත.
සී.පී.එල් තරඟාවලියේ කාලසටහන නැවත සකස් කිරීමේදී පාකිස්තානයට එරෙහිව පැවැත්විමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සමඟ ගැටීම් සිදුනොවන ලෙසද වග බලා ගත යුතුව ඇත. දින වකවානු තහවුරු කර නොමැති නමුත් අයි.පී.එල් තරගාවලිය නැවත ආරම්භ කිරීම සඳහා අපේක්ෂිත දිනය සැප්තැම්බර් 18 හෝ 19 වීමට බොහෝ ඉඩ ඇත.

කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව්හිදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අගෝස්තු 24 වන විට අවසන් වීමට නියමිතය. එමඟින් ටෙස්ට් පිටියේ සිටින ක්‍රීඩකයින්ට පළමු තරඟයට ක්‍රීඩා කිරීමේ දුෂ්කරතාවයක් ඇතිවනු ඇත.

මෙවර අයි.පී.එල් තරගාවලියේ තවත් තරග 31 ක් ඉතිරිව ඇති අතර විදේශීය ක්‍රීඩකයින් තරගාවලියට එක්කර ගැනීමේ හැකියාව ජාත්‍යන්තර කාලසටහනට අනුව විශාල ප්‍රශ්නයක් වනු ඇත.

- 2079

 


අදහස් (0)

ඉන්දියාවේ ඉල්ලීමට ඉඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.