Last Update  :  2025-05-10 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව එක්දින තරග 1000 සම්පූර්ණ කරයි

ඉන්දියාව එක්දින තරග 1000 සම්පූර්ණ කරයි

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ ආරම්භයත් සමග ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 1000 ක් ක්‍රීඩා කළ පළමු කණ්ඩායම ලෙස ඉන්දියාව ඉතිහාස ගතවිය.

මේ දක්වා එක්දින තරග 999 කට ක්‍රීඩා කර සිටි ඉන්දියාව, ඉන් තරග 518 ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 43 1ක් පරාජය වී ඇත. තරග 9 ක් ලකුණු සම වීමෙන් අවසන්ව ඇති අතර තරග 41 ක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී ඇත. ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය 54.54% ක් ලෙස වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් 9 ක් එක්දින තරඟ 500 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති අතර ඉන් කණ්ඩායම් දෙකක පමණක් ජයග්‍රහණ ප්‍රතිශතය ඉන්දියාවට වඩා වැඩි වේ. එහිදී ඕස්ට්‍රේලියාව 63.66% ක සහ දකුණු අප්‍රිකාව 63.75% ක ප්‍රතිශතයක් රඳවාගෙන ඇත.

ඕස්ට්‍රේලියාව තරග 958 කට ක්‍රීඩා කර තරග 581 ක් ජයග්‍රහණ කර ඇති අතර තරග 334 ක් පරාජයට පත්වී ඇත. තරග 9 ක ලකුණු සමවී ඇති අතර තරග 34 ක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී ඇත. දකුණු අප්‍රිකාව එක්දින තරග 638 ක් ක්‍රීඩාකර ඇති අතර ඉන් තරග 391 ක් ජයග්‍රහණය කර, තරග 221 ක පරාජයවී ඇත. තරග 6 ක ලකුණු සමවී ඇති අතර තරග 20 ක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී තිබේ.  

පාකිස්තානය (936), ශ්‍රී ලංකාව (870), එංගලන්තය (761), නවසීලන්තය (775), බටහිර ඉන්දීය කොදෙව් (834) සහ සිම්බාබ්වේ (541) තරග 500 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති සෙසු කණ්ඩායම් හය වේ.

ඉන්දීය - කොදෙව් පළමු එක්දින තරගය අද (6 වැනිදා) පැවැත්වෙන අතර දෙවැනි එක්දින තරගය පෙබරවාරි 9 වැනිදාද, තෙවැනි සහ අවසන් එක්දින තරගය පෙබරවාරි 11 වැනිදාද පැවැත්වෙනු ඇත. තරග තුනම ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙරට අතර විස්සයි20 තරගාවලිය පෙබරවාරි 16 වැනිදා ආරම්භ වන අතර දෙවැනි විස්සයි20 තරගය පෙබරවාරි 18 වැනිදා සහ තෙවැනි සහ අවසන් තරගය පෙබරවාරි 20 වැනිදා පැවැත්වේ. විස්සයි20 තරගාවලිය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්හිදී පැවැත්වේ.


බටහිර ඉන්දීය සංචිතය
කරන් පොලාජ් (නායක), ෆේබියන් ඇලන්, කෘමාහ් බෝනර්, ඩැරන් බ්‍රාවෝ, ශමාරාහ් බෘක්ස්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, අකීල් හුසේන්, අල්සාරී ජෝසප්, බ්‍රැන්ඩන් කිංග්, නිකලස් පූරන්, කෙමාර් රෝච්, රොමාරියෝ ශෙෆර්ඩ්, ඕඩියන් ස්මිත්, හේඩ්න් වෝල්ෂ්.


ඉන්දීය සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ලෝකේෂ් රාහුල්, විරාට් කෝලී, සූර්යකුමාර් යාදව්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට්, දීපක් චාහාර්, ශර්දුල් ඨාකූර්, යුස්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, වොෂින්ටන් සුන්දර්, රවී බිෂ්නෝයි, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, අවේෂ් ඛාන්

 


අදහස් (0)

ඉන්දියාව එක්දින තරග 1000 සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.