Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලොව වයස්ගතම ටෙස්ට් වේග පන්දු යවන්නන් දෙදෙනා වන ජේම්ස් ඇන්ඩසන් (අවුරුදු 40 යි දින 204) සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් (අවුරුදු 36 දින 240) රෝස පැහැ පන්දුවෙන් දැක්වූ සුවිශේෂී දස්කම් මත තවුරංගාහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී සංචාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 267 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්තේය. දිවා/රාත්‍රී තරගයක් වූ මෙහිදී, ලකුණු 394 ක ඉලක්කයක් කරා ගිය නවසීලන්ත කණ්ඩායම ඇන්ඩසන් (18/4) සහ බ්‍රෝඩ් (49/4) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ලකුණු 126 කට දැවී ගියේය.
තරගයේ සම්පූර්ණ දින දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී එංගලන්තය මෙම ජයග්‍රහණය වාර්තා කළේ ඔවුන්ගේ නවතම ක්‍රිකට් සම්ප්‍රදාය වන “බස්බෝල්” ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරමිනි.
මෙය, වසර 15 ට පසුව, එංගලන්ත කණ්ඩායමක් නවසීලන්තයේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයකි. එමෙන්ම ‘බස්බෝල්’ සම්ප්‍රදායට පිවිසීමෙන් පසුව, ටෙස්ට් තරග 11 කදී එංගලන්තය ලබාගත් 10 වැනි ජයග්‍රහණයයි.
එංගලන්තයට මෙම සම්ප්‍රදාය හඳුන්වාදෙන ලද්දේ වත්මන් ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් සහ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසිනි. බෙන් ස්ටෝක්ස් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී උපත ලද ක්‍රීඩකයකු වන අතර බ්‍රෙන්ඩන් මැකලම් නවසීලන්තයේ හිටපු ටෙස්ට් සහ එක්දින නායකයාය.
තරගයේ සිව්වැනි දිනය වූ අද (19 වැනිදා) ක්‍රීඩාව ආරම්භ වන විට නවසීලන්ත ජයග්‍රහණයට ලකුණු 331 ක් අවැසිව තිබුණත්, ඔවුන් සතුව තිබුණේ කඩුලු 5 ක් පමණි. එහෙත් අද පෙරවරුවේදී ඕවර 22.3 ක් ඇතුළත නවසීලන්තයේ අවසන් කඩුලු 5 ම දැවී ගියේය.
ඇන්ඩසන් සහ බ්‍රෝඩ් දෙදෙනා එක්ව ක්‍රීඩා කළ ටෙස්ට් තරග 113 කදී දෙදෙනා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 1009 කි. ඔවුන් දෙදෙනාගේ උපාය වී තිබුණේ නවසීලන්ත පිතිකරුවන් නිරන්තරයෙන්ම විදුලි ආලෝකය මධ්‍යයේ පිටියට යවා, සවස් වරුවේදී පන්දුවේ දෝලනයෙන් ප්‍රයෝජන ගැනීමයි.
නවසීලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවන් වන ඩෙවොන් කොන්වේ, කේන් විලියම්සන්, ටොම් ලෙතම් සහ ටොම් බ්ලන්ඩල් යන සිව්දෙනාම දැවී ගියේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දු ඔවුන්ගේ පිත්තත් පා ආවරණයත් අතර පරතරයෙන් රිංගා කඩුල්ලට කඩා වැදීමෙයි.
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 9 ට 235 යි
නවසීලන්තය - පළමු ඉනිම 306 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 374 යි
(සැක් ක්‍රෝලි 28, බෙන් ඩකට් 25, ඔලී පෝප් 49, ජෝ රූට් 57, හැරී බෲක් 54, බෙන් ෆෝක්ස් 51, බෙන් ස්ටෝක්ස් 31, ඔලී රොබින්සන් 39, ජැක් ලීච් 12 නීල් වැග්නර් 110/2, බ්ලෙයාර් ටික්නර් 55/3, ස්කොට් කුග්ලෙජින් 81/2, මයිකල් බ්‍රේස්වෙල් 68/3)
නවසීලන්තය - දෙවැනි ඉනිම 126 යි
(ටොම් ලෙතම් 15, ඩැරිල් මිචෙල් 57, මයිකල් බ්‍රේස්වෙල් 25, ජේම්ස් ඇන්ඩසන් 18/4, ස්ටුවර්ට් බ්‍රෝඩ් 49/4)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.