Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අසලංක මුම්බායි පිලට
අයි.පී.එල්. - 2025

අසලංක මුම්බායි පිලට

editorial - 2025 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටි ක්‍රීඩකයන්, එම තරගාවලිය නැවත ආරම්භ වීමෙන් පසුව නොපැමිණීම හේතුවෙන් තවත් විදේශීය ක්‍රීඩකයන් තිදෙනකු බඳවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබේ. මෙම විදේශීය ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකාවේ සීමිත ඕවර නායකයා වන චරිත් අසලංකත්,  එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ සහ රිචඩ් ග්ලීසන් දෙදෙනාත් ඇතුළත් වෙති. 

චරිත් අසලංක අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. 
ඉන්දියානු -පකිස්තානු ගැටුම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය සතියක කාලයක් අත්හිටුවන ලදි. එය පසුගිය 17 වැනිදා නැවතත් ආරම්භ වූ නමුත් සතියක කාලයක් තරග නොපැවැත්වීම හේතුවෙන් තරගාවලියේ අවසානය ජුනි 3 දක්වා කල්ගියේය. 

එහි ප්‍රතිඵලයක් ලෙස, ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් නැවත ඉන්දියාවට නොපැමිණීමට තීරණය කළහ. එක් එක් ක්‍රීඩකයන්ගේ ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේ වගකීම සහ අයි.පී.එල්. තරගාවලියත් අනෙකුත් අන්තර්ජාතික තරගාවලිත් එක පිට එක වැටීම නිසා විදේශීය ක්‍රීඩකයෝ අපහසුතාවට පත්වූහ. 

අසලංක මුම්බායි පිලට එක්වී ඇත්තේ දකුණු අප්‍රිකානු පිතිකරු කෝබින් බොෂ් වෙනුවෙනි. චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් පිලට එක්වූ පරිද්දෙන්ම පාකිස්තානු සුපර් ලීගයට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලාංකික කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් ද ගුජරාට් ටයිටන්ස් පිලට එක්විය. කෙසේ වෙතත්, අයි.පී,එල්. තරගාවලිය නැවත ආරම්භ කිරීමෙන් පසුව ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් ලබන වාරයේ රඳවා තබා ගැනීම සඳහා සුදුසුකම් නොලබනු ඇත.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලිය ආරම්භයේදී තරමක පසුබෑමකට මුහුණ දුන් නමුත් යළිත් හිස ඔසවමින් මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානය ලබා සිටී. ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගත හැකිනම් අපහසුවකින් තොරවම අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලට අවස්ථාව තිබේ.


- 213


අදහස් (0)

අසලංක මුම්බායි පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.