Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අශ්වින් - අක්ෂර් ඉන්දියාව ගලවා ගනිති
බෝඩර් - ගවස්කාර් කුසලාන

අශ්වින් - අක්ෂර් ඉන්දියාව ගලවා ගනිති

editorial - 2023 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
නේදන් ලයන් ඇතුළු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් ඉන්දියාව ගල ග්‍රහයෙන් ගත්තද, 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සටන්කාමී සම්බන්ධතාවක් ගොඩනැංවූ රවිචන්ද්‍රන් අශ්වින් (37) සහ අක්ෂර් පතෙල් (74) එක්ව තම කණ්ඩායම ගලවා ගත්හ.

නවදිල්ලියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා), ඉන්දියානුවෝ සිය පළමු වැනි ඉනිම වෙනුවෙන් ලකුණු 262 ක් ලබාගත්හ.

ඕස්ට්‍රේලියාවට ලැබුණේ එක ලකුණක වාසියක් පමණි. එහෙත් අද සවස ක්‍රීඩාව අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටි ඕස්ට්‍රේලියාවට, කඩුලු 9 ක් අතැතිව, ලකුණු 62 ක් ඉදිරියෙන් සිටියේය. මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උස්මන් කවාජා දැවී ගියද, ට්‍රැවිස් හෙඩ් (නොදැවී 39) සහ මානස් ලැබුෂේන් (නොදැවී 16) පිටියේ සිටිති.

ඉන්දීය දඟ පන්දු යවන්නා වන අක්ෂර් පතෙල් දිනයේ ක්‍රීඩාව අවසන් වීමෙන් පසුව කියා සිටියේ ඕස්ටේ්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 220 ත් 250 ත් අතර නතර කරගත හැකිනම් තරගයේ වාසිදායක තත්ත්වයක් අත්කරගත හැකි බවයි. ඒත් ඔහු නොකී කතාව වන්නේ දිල්ලි තණතීරුවේ සිව්වැනි ඉනිමේදී ලකුණු 250 කට වැඩි සංඛ්‍යාවක් හඹා යාම අසීරු බවයි.  

ඕස්ට්‍රේලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 263 ට පිළිතුරු සොයා යාමේදී ඉන්දියානුවෝ වරෙක කිසිවකු නොදැවී ලකුණු 46 ක් ලබා සිටියද, නේදන් ලයන් (67/5) ඕවර කිහිපයක් ඇතුළතදී තරගය උඩු යටිකුරු කළේය. ඒ හේතුවෙන් ලකුණු 139 කට කඩුලු 7 ක් බිඳ වැටී තිබිණ.

වරෙක කිසිවකු නොදැවී ලකුණු 46 ක් වූ ඉන්දීය ලකුණු පුවරුව, ඕවර 8 ක් ඇතුළත ලකුණු 66 ට කඩුලු 4 ක් විය. ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 7 ම ලකුණු 93 ක් ඇතුළතදී බිඳවැටිණ.
නාග්පූර් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් ඉන්දියානුවෝ බෝඩර් - ගවස්කාර් තරගාවලියේ 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 263 යි
ඉන්දියාව - පළමු ඉනිම 262 යි

(රෝහිත් ෂර්මා 32, විරාට් කෝලි 44, රවීන්ද්‍ර ජදේජා 26, අක්ෂර් පතෙල් 74, රවිචන්ද්‍රන් අශ්වින් 37, මැතිව් කුනේමන් 72/2, නේතන් ලයන් 67/5, ටොඩ් මර්ෆි 53/2)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 61 යි
(ට්‍රැවිස් හෙඩ් නොදැවී 39, මානස් ලැබුෂේන් නොදැවී 16)

- 213


අදහස් (0)

අශ්වින් - අක්ෂර් ඉන්දියාව ගලවා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.